Wednesday, December 29, 2010

නුඹ


Share/Save/Bookmark
නුඹ............
සංකිර්ණ කතාවක
අවසන් පද පේළියයි

Sunday, November 14, 2010

සරා සදයි ඔබ මට.......


Share/Save/Bookmark
මට බයයි
ඇයි
ඔය ඇස් මට අහිමි වෙයි කියල
නමුත්
විශ්වාස කරන්න
ඹය ඇස්යට තියෙන හිත
දයාබර නම්
ඹය ඇස්
කාටවත්ම
හොරකම් කරන්න බැ........

Saturday, May 8, 2010

නුඹ...................


Share/Save/Bookmark
සද නුඹයි
නිල් අහස් කුස පෑයු...
රළ නුඹයි
නිල් සයුර මත ගැලු...
මල නුඹයි
හද පුදසුන මත පිදු...
හිත නුඹයි
මගේ අහිංසක හිත පෑරු...

දුක් කාසි.........


Share/Save/Bookmark
වැටුණු දහඩිය
දනී ඇති වෙහෙස
දිනක් නිමකර
රැය ගෙවෙන විට
හඩයි දරුවන්
බඩගිනියි කියලා
පාන් ගෙඩියේ
සුවද ආ විට
නැගෙයි කදුලක්
බත් පිඩක් නැති නිසා
මක් කරන්නද.....
හිතේ දුක ඇත
කාසි නැත මට

Saturday, April 10, 2010

ජිවිතය කියාදුන් ඇස් දෙකට.......


Share/Save/Bookmark
පාට වළාකුලු අහසේ
රූප රටා මතු කරාට
මොහොතින් බොද වි ගිය හැටි
මට අමතක නෑ
ඔබත් මමත් වෙන් වුණාට
කදුළැලි නෙත දැවටුණාට
මම සිතන්නෙ ඔබේ සිතට
මම අමතක නෑ

ජිවිතය යනු අපිළිවෙළ කථාවක් නොවේ............


Share/Save/Bookmark
ජිවිතයට සතුට වුවමණායි.

ඒත් අපට නොලැබෙන්නෙත් එයමයි.
සෑම විටම හිනාවෙනවාට වඩා හැඩු වාර අනන්තයි.
සැනසුනාට වඩා දුක් වු වාර අනන්තයි.
ඉතිං හැඩුම අපට උරුමයි,දුක අපට උරුමයි හිතා සැනසෙන්න.
නමුත් විශ්වාස කරන්න ජිවිතය යනු අපිළිවෙළ කථාවක් නොවේ............

Thursday, March 25, 2010

අම්මා...


Share/Save/Bookmark
පිපි කුසුමට
සුවද බෙදන
මියුරු සුවද
අම්මා...
උදා හිරෙන්
‍‍ලොවට වඩින
ළහිරු මඩල
අම්මා...
ඝන දුරු රැ
ආකාසේ
එළි‍ය කරන
අම්මා...
මතු දින‍යක
බුදු බව ලැබ
දහම් දෙසනු
අම්මා...

Monday, March 22, 2010

අනේ නුඹ‍ට පෙම්කරා‍ට මගේ සිතට සමාවෙන්න.........


Share/Save/Bookmark

මං තනියෙන් බලා හිටියා......


Share/Save/Bookmark
වසන්තයත් ගෙවුණා
ගිම්හානයත් ආවා
ඒත් නුඹ නෑ
මං තනියෙන් බලා හිටියා


ඈත සමුදුරත් ගොලුවුණා
දලරැලිත් නැවතුණා
ඒත් නුඹ නෑ
මං තනියෙන් බලා හිටියා


රැයත් නිමවුණා
දවසකුත් ගෙවුණා
ඒත් නුඹ නෑ
මං තනියෙන් බලා හිටියා


මහ වැසිත් වැටුණා
සීතලත් දැනුණා
ඒත් නුඹ නෑ
මං තනියෙන් බලා හිටියා


කවි පදත් ලියවුණා
පද වැලුත් පැටලුණා
ඒත් නුඹ නෑ
මං තනියෙන් බලා හිටියා


ජිවිතෙත් ගෙවුණා
ආදරෙත් කෙරුණා
ඒත් නුඹ නෑ
මං තනියෙන් බලා හිටියා

හැර ගිය නුඹ.........!


Share/Save/Bookmark
වස්සානය ඇවිත් ගියද
ගිම්හානය උදා වුනද
නොදනි මා කිසිවක්ම
රැයක් දවාලක් නොමැතිව
සිත ඔබ සොයනා නිසාවෙන්
මා දෙනෙත් සාංකාවෙන්
මේ කදුළැලි වෙනුවට
ඔබව සොයයි තිස්සෙම
නමුදු ප්‍රියාවිය.......
මා හැර ගොසින් ඔබ
යළි නොඑන තරම් දුර
ඔබ හිනැස්සු ජිවිතයටම
කදුළැලි පමණක් ඉතිරිකර

දෛව‍ෙය් සරදම්


Share/Save/Bookmark
නිල් අහස පුරාවට
තරු පායලා
ඒ තරු අතර
සදු විතරක් තනිවෙලා
ඔබත් ඒ සදු වාගෙයි
කොහෙන්දෝ ඇවිත්
මගේ ලෝකයේ තනිවෙලා
අහස පුරා සදු
පහන් කරනව සේ
ඔබත් මගෙ ලෝකය
පහන් කරනවා
නමුදු
අමාවකදාට
සදු වහන් වෙන්නාසේ
දෛවය
ඔබත් මගෙන්
වහන් කර
මට සරදම් කරනවා

එදා සෙනෙහෙන් නොබැදුණානම්.......


Share/Save/Bookmark
නුවන් පිණිකැට සෙමෙන් අවදිව
අතීතය සිහියට නැගේවා..
විමන් හද මැවු ඔබේ සිතුවිළි
දහස් ගණනින් ඉදි‍ෙක‍ෙර්වා..
 එකට එක්වි ගෙවු කාලය
යළි යළිත් සිහියට නැගේවා..
ගතින් ඈතට ගියත් කිසිදින
හදවතින් ඈතට නොයේවා..

Tuesday, March 16, 2010

ප්‍රේමයේ රාගය


Share/Save/Bookmark
මහද රැදි
ආදරය
සත්සරට
කොටුකර
ගයන්නේනම්
එය
ප්‍රේමයේ
රාගයක් වනු
නොඅනුමානය....

ඔබ නමින්........


Share/Save/Bookmark
ඇත්තටම අපි
පිංකරලා නැතුව ඇති
පුජාසනය මත
මල් දෙකක් වි
පිදෙන්නට
ඒත්...ආසයි
කවදහරි දවසක
ඔය උකුල් මත
හිස තියාන
මියදෙන්න..
නැතිනම්
ජිවිතය කොදුරාවි
හැමදමත්
ඔබ නමින්........

හද අරණ


Share/Save/Bookmark
මහද අරණේ
ලියවි
සොදුරු කවි ගී වැල්

ඔබ වෙනුවෙන් බව
දන්නේ
මා

පමණයි !