වසන්තයත් ගෙවුණා
ගිම්හානයත් ආවා
ඒත් නුඹ නෑ
මං තනියෙන් බලා හිටියා
ඈත සමුදුරත් ගොලුවුණා
දලරැලිත් නැවතුණා
ඒත් නුඹ නෑ
මං තනියෙන් බලා හිටියා
රැයත් නිමවුණා
දවසකුත් ගෙවුණා
ඒත් නුඹ නෑ
මං තනියෙන් බලා හිටියා
මහ වැසිත් වැටුණා
සීතලත් දැනුණා
ඒත් නුඹ නෑ
මං තනියෙන් බලා හිටියා
කවි පදත් ලියවුණා
පද වැලුත් පැටලුණා
ඒත් නුඹ නෑ
මං තනියෙන් බලා හිටියා
ජිවිතෙත් ගෙවුණා
ආදරෙත් කෙරුණා
ඒත් නුඹ නෑ
මං තනියෙන් බලා හිටියා
අහපං සුදු පුතා, මේව මගලගොඩේ කතා..
3 days ago


0 සිතැඟි:
Post a Comment