Thursday, March 25, 2010

අම්මා...


Share/Save/Bookmark
පිපි කුසුමට
සුවද බෙදන
මියුරු සුවද
අම්මා...
උදා හිරෙන්
‍‍ලොවට වඩින
ළහිරු මඩල
අම්මා...
ඝන දුරු රැ
ආකාසේ
එළි‍ය කරන
අම්මා...
මතු දින‍යක
බුදු බව ලැබ
දහම් දෙසනු
අම්මා...

Monday, March 22, 2010

අනේ නුඹ‍ට පෙම්කරා‍ට මගේ සිතට සමාවෙන්න.........


Share/Save/Bookmark

මං තනියෙන් බලා හිටියා......


Share/Save/Bookmark
වසන්තයත් ගෙවුණා
ගිම්හානයත් ආවා
ඒත් නුඹ නෑ
මං තනියෙන් බලා හිටියා


ඈත සමුදුරත් ගොලුවුණා
දලරැලිත් නැවතුණා
ඒත් නුඹ නෑ
මං තනියෙන් බලා හිටියා


රැයත් නිමවුණා
දවසකුත් ගෙවුණා
ඒත් නුඹ නෑ
මං තනියෙන් බලා හිටියා


මහ වැසිත් වැටුණා
සීතලත් දැනුණා
ඒත් නුඹ නෑ
මං තනියෙන් බලා හිටියා


කවි පදත් ලියවුණා
පද වැලුත් පැටලුණා
ඒත් නුඹ නෑ
මං තනියෙන් බලා හිටියා


ජිවිතෙත් ගෙවුණා
ආදරෙත් කෙරුණා
ඒත් නුඹ නෑ
මං තනියෙන් බලා හිටියා

හැර ගිය නුඹ.........!


Share/Save/Bookmark
වස්සානය ඇවිත් ගියද
ගිම්හානය උදා වුනද
නොදනි මා කිසිවක්ම
රැයක් දවාලක් නොමැතිව
සිත ඔබ සොයනා නිසාවෙන්
මා දෙනෙත් සාංකාවෙන්
මේ කදුළැලි වෙනුවට
ඔබව සොයයි තිස්සෙම
නමුදු ප්‍රියාවිය.......
මා හැර ගොසින් ඔබ
යළි නොඑන තරම් දුර
ඔබ හිනැස්සු ජිවිතයටම
කදුළැලි පමණක් ඉතිරිකර

දෛව‍ෙය් සරදම්


Share/Save/Bookmark
නිල් අහස පුරාවට
තරු පායලා
ඒ තරු අතර
සදු විතරක් තනිවෙලා
ඔබත් ඒ සදු වාගෙයි
කොහෙන්දෝ ඇවිත්
මගේ ලෝකයේ තනිවෙලා
අහස පුරා සදු
පහන් කරනව සේ
ඔබත් මගෙ ලෝකය
පහන් කරනවා
නමුදු
අමාවකදාට
සදු වහන් වෙන්නාසේ
දෛවය
ඔබත් මගෙන්
වහන් කර
මට සරදම් කරනවා

එදා සෙනෙහෙන් නොබැදුණානම්.......


Share/Save/Bookmark
නුවන් පිණිකැට සෙමෙන් අවදිව
අතීතය සිහියට නැගේවා..
විමන් හද මැවු ඔබේ සිතුවිළි
දහස් ගණනින් ඉදි‍ෙක‍ෙර්වා..
 එකට එක්වි ගෙවු කාලය
යළි යළිත් සිහියට නැගේවා..
ගතින් ඈතට ගියත් කිසිදින
හදවතින් ඈතට නොයේවා..

Tuesday, March 16, 2010

ප්‍රේමයේ රාගය


Share/Save/Bookmark
මහද රැදි
ආදරය
සත්සරට
කොටුකර
ගයන්නේනම්
එය
ප්‍රේමයේ
රාගයක් වනු
නොඅනුමානය....

ඔබ නමින්........


Share/Save/Bookmark
ඇත්තටම අපි
පිංකරලා නැතුව ඇති
පුජාසනය මත
මල් දෙකක් වි
පිදෙන්නට
ඒත්...ආසයි
කවදහරි දවසක
ඔය උකුල් මත
හිස තියාන
මියදෙන්න..
නැතිනම්
ජිවිතය කොදුරාවි
හැමදමත්
ඔබ නමින්........

හද අරණ


Share/Save/Bookmark
මහද අරණේ
ලියවි
සොදුරු කවි ගී වැල්

ඔබ වෙනුවෙන් බව
දන්නේ
මා

පමණයි !