Thursday, May 24, 2012

යුද්ධය ආදරය මිත්‍රත්වය (Flyboys)


Share/Save/Bookmark

චිත්‍රපට බලන්න ආස අයට චිත්‍රපට බැලීම ඇබ්බැහි කරවන චිත්‍රපටයක් ගැන කියන්නයි මම හදන්න්නේ..චිත්‍රපටයේ නම ෆ්ලයි බොයි.චිත්‍රපටය හදලා නිකුත්කරල තියෙන්නේ 2006 වර්ෂයේදි.චිත්‍රපටයේ කතා තේමාව හරි සරලයි.ඇමරිකානු ගුවන්භට පිරිසක් පළමු ලෝක යුද සමයේදි ජර්මානු හමුදාවට පහර දිම සදහා ප්‍රංශ හමුදාව හා එක්වෙයි.ඔවුන් ගුවන් නියමුවන් පිරිසක්.යුද්ධය අතරේ එකිනෙකා ගේ ජිවිත වල ගලා යන අතරතුර එක් සෙබලෙක් ප්‍රංශ යුවතියක් හා ආදරයෙන් බැදෙයි.යුද්ධය,පශ්චාත් යුද සමය හා ඔහුන්ගේ ආදර කතාව පිලිබදව චිත්‍රපටයෙ කතාව තුලින් ගෙන හැර දක්වයි.
චිත්‍රපටය දෙස සරලව බැලු කෙනෙකුට එය එසේ වුවත් මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන ටොනි බිල් මෙම චිත්‍රපටය හරහා ඊට එහා ගිය දෙයක් ගෙන හැර දක්වන්නට උත්සහ කර ඇත.කළු සුදු වර්ණ භේද වාදය යුද්ධයක් තුල පැන නැගීම,ආදරය,දයාව,අනුකම්පාව ආදි මානුෂිය හැගිම් යුද්ධය තුලින් ගළා යැම.මිත්‍රත්වය,සටන්කාමිත්වය,අරමුණ,හැගීම් යටපත් කිරීම ආදි පැති කිහිපයක් ගැන අධ්‍යක්ෂකවරයා වක්‍රව කතාකරයි.චිත්‍රපටය ඔබටම රස විදින්න ඉඩ සලස්වලා ඔබගේ චිත්‍රපට බැලීම ඇබ්බැහිවිම වැඩි කරන්න ඕන නිසා මම චිත්‍රපටය ගැන සටහන් කිරිම අඩු කරා....
කියන්න අමතක වුනා මේක පලමු ලෝක යුද සමයේ සිදුවු සත්‍ය කතාවක් තේමා කරගෙන නිපදවලා තියෙන්නේ.
Fly boys.......... ඇත්තටම  චිත්‍රපට බැලීම ඇබ්බැහි කරවන Unforgettable  සිනමා උත්පේරකයක්.........
චිත්‍රපටය ගැන වැඩිදුර........

Monday, April 9, 2012

බම්බු ගැසීම...


Share/Save/Bookmark
බම්බු ගහගනින්, බම්බුව තමයි කියන වචන ඔබ බොහෝ විට එදිනෙදා භාවිතා කරනව ඇති.ඉතිං මොකක්ද මේ බම්බුව කියන්නේ,බම්බුව කොහොමද සිංහල ජන වහරට ආවේ කියල බලමු.
ඉතින් ලෙඩ වෙන එක ඕන කෙනෙකුට වෙන දෙයක්නේ.බාල,මහලු,ගැහැණු,පිරිමි ඔය කොයි කවුරුත් ඉතින් ලෙඩ වෙනව.ඉතින් මනුස්සයන්ට වගේම සතා සිව්පාවුන්ටත් ලෙඩ රෝග කියන්නේ පොදු දෙයක්.ඉතින් ඔය කාට උනත් ලෙඩක් වේදනාවක් ආවම යන්නේ ඉතින් ගමේ වෙද ගෙදරට.අද වගේ නොවෙයි එදා අපිට තිබුන ස්වයංපොෂි ආර්ථිකයක් නේ.ඉතින් හැම ගෙදරකම වස්සෙක්,එළ දෙනක් වැරදුනේ නැ.
එදා අපේ ගමේ උදවියට ගෙදර දරු මල්ලෝ ලෙඩ උනා වගේ තමයි ගෙදර ඉන්න හරකා බාන ලෙඩ උනාම.ගෙදර ඉන්න වස්සා,එලදෙන,වසු පැටියා ලෙඩ උනාමත් ඉතින් බෙහෙතක් කරගන්න වෙද ගෙදරට යන්න අමතක කරේ නැ.ඔන්න ඔය ගියහම වෙද ගෙදර ඉන්න වෙද මහත්තයට හරි වෙද හාමිනෙට හරි තියෙන අමාරුම දේ තමයි මේ අසනීප උන සතාට බෙහෙත් ගුලියක් ගිල්ලවන එක.ඉතින් මේ අසනීප උන සතාට බෙහෙත් ගුලිය ගිල්ලවන්න එදා වෙද ගෙදර අපුරු උපක්‍රමයක් භාවිතා කරා.ඔන්න අඩි 5ක් 6ක් දිග උණ බටයක් අරගෙන ඔය බටේ ඇතුලේ තියෙන පුරුක් කඩලා බටයක් හදාගෙන ඔය බටේ සතාගේ කට ඇතුලට දානව.කොච්චර දානවද කිව්වොත් සතාගේ උගුරටම දානවා.ඊට පස්සේ බෙහෙත් ගුලිය අර උණ බටේ ඇතුලෙන් සතාගේ කටට එහෙම නැත්නම් උගුරටම දානවා.ඔන්න ඕකයි එදා වස්සන්ට,එළදෙනුන්ට බෙහෙත් පොවපු විදිය.ඔය ප්‍රතිකර්මේ එදා බම්බු ගැහිම කියලා හැදින්නුවා.වෙද ගෙදරට සතෙක් ගෙනාවම වෙද රාල සතාව පරික්ෂා කරලා කියනව ඔය සතාට බම්බුවක් දෙකක් ගැහුවම හරි කියලා.ඒ කියන්නේ බෙහෙත් වාර ගණන.ඔන්න ඔහොම ආපු බම්බු ගැහිල්ල අද ගොඩ දෙනාගෙ බස් වහරට ආවට ඔය වචනේ භාවිතා කරන ගොඩ අය වචනේ තේරුමනම් දන්නේ නෑ නොව.

Friday, March 9, 2012

විඩියෝ ඩවුන්ලෝඩ් ඇක්සිලේටර් කුණු කුඩේට


Share/Save/Bookmark
ඔබ බොහෝ විට ඔබගේ පුද්ගලික පරිගනකයක් හරහා නොගොස් අන්තර්ජාල හලකින් හෝ වෙනත් පරිගනකයක් ආධාරයෙන් අන්තර්ජාලයට ගොස් විඩියෝ බාගත කර ගැනිමට උත්සහ කරන විට එම පරිගනකයේ විඩියෝ ඩවුන්ලෝඩ් ඇක්සිලේටර් මෘදුකාංගයක් ස්ථාපිත කර නොමැතිනම් ඔබට අවශ්‍ය විඩියෝව බාගත කරගැනිමේදි ඔබ අපහසුතාවයට පත්වන්නට ඇති.එවනි අවස්ථාවකදි ඔබට විඩියෝ ඩවුන්ලෝඩ් ඇක්සිලේටර් එකක් ස්ථාපිත කර ගැනිම අපහසුනම් සදහා පිළියමක් මම කියා දෙන්නම්.පරිගනකයේ අනවශ්‍ය ලෙස මෘදුකාංග ස්ථාපනයට අකමැති ඔබටද මෙය කදිම විසදුමකි.
ඔබට කරන්න තිබෙන්නේ ඔබට අවශ්‍ය විඩියෝව අන්තර්ජාලය තුල වාදනය විමට සලස්වා එම මත Right Click කර විඩියෝවට අදාල URL එක Copy  කර ලබාගැනිමයි. සමහරක් අඩවිවල විඩියෝවට අදාල URL එක පසකින් දක්වා ඇත.


ඉන් පසුව ඔබට කරන්න තියෙන්නේ සුළු දෙයක්.http://www.file2hd.com අඩවියට ගොස් එහි ඇති URL Bar එකහි ඔබ විසින් Copy කරගත් URL එක Paste කරන්න.

 ඉන්පසුව ඔබට අවශ්‍ය විඩියෝවේ නිමවුම් කිපයක් පහලින් දිස්වනු ඇත.එයින් ඔබට අවශ්‍ය නිමවුම තොරා එය මත Double Click කරන්න.ඉන් පසුව සාමන්‍ය පරිදි ඔබට එම විඩියෝව බාගැනිමට අදාල  Window එක ලැබෙනු ඇත.



තව බොහෝ සේවාවන් http://www.file2hd.com අඩවිය මගින් ඔබට  ලබාගතහැක.

Monday, January 30, 2012

සජිත් සහ විපක්ෂය....


Share/Save/Bookmark

දර පලා මිටි බැද තම විහාරස්ථානයේ කටයුතු කරගෙන යන භික්ෂුවක් ගැන පුවතක් උදැසන පුවත්පත් බලමින් සිටි සජිත් ප්‍රෙමදාස මහතා දැක ඒ පිලිබද සොයා බලා කටයුතු කරන ලෙස එම ප්‍රදේශයේ සංවිධායකවරුන්ට දන්වා ඇත.
ආණ්ඩු බලය නොමැතිව රටට සේවයක් කරන්නේ කෙසේද....? ලෙස ප්‍රශ්ණ නගන විපක්ෂයේ නායකයන්ට සහ අනෙකුත්  මන්ත්‍රිවරුනට මෙය කදිම පාඩමක් වනු ඇත.ඇත්තෙන්ම රටට සේවය කිරිමට ආණ්ඩු බලය දේශපාලකයිනට අවශ්‍යමද යන්න අපටත් ඇතිවන ප්‍රශ්ණයකි.අප රටේ ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටද ජාත්‍යන්තර සංවිධාන හා ව්‍යාපාරික ප්‍රජාව හරහා ආධාර ලැබේ.නමුත් මෙම ආධර මගින් රටට සිදුවන සේවය පිලිබද ගැටලු ඇත(මන්ද සිරිකොතේ විදුලි බිල පවා ගෙවිම් කරන්නේ දයා ගමගේ මහතාගේ පොකැට්‍ටුවෙනි).එසේ බලන කල සජිත් මහතා විසින් සිදුකරන මෙම නිහඩ සේවයට අපේ උත්තමාචාරය ලැබිය යුතුය.දේශපාලන බල තන්හාව වෙනුවෙන් කුළල් කාගන්නා අපගේ අනෙකුත් මන්ත්‍රිවරුන්ටද තමන්ට රට වෙනුවෙන් කල හැක්කේ මොනවාද යන්න සිතා බැලිමටවත් කාලය එළඹ ඇත.තවද ඇමතිකමක් නොමැතිව රටට සේවය කරන්නේ කෙසෙද ලෙස ප්‍රශ්ණ නගන ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ටද සජිත් මහතාගේ මෙම ක්‍රියාව කදිම ටොක්කකි.තවද ඉහත සිදුවිමට සම්බන්ධ විහාරස්ථානය සජිත් මහතාගේ දේශපාළන බල ප්‍රදේශයේ නොවිම තුලත් එතුමා සිදුකල මෙම ක්‍රියාවේ ඇති සැබෑ අරමුණු අපට තේරුම් ගත හැක.තවද සජිත් මහතා සිදුකල මෙම කටයුත්තෙන් හඩක් නැති සිනුවලටද පණිවිඩයක් ගෙනෙනු ඇත.
දේශපාලන දිවිය තුල අඩුපාඩු කම් තිබුනද (විපක්ෂ නායකත්ව කැ‍රැල්ලෙදි සජිත් මහතා විසින් පාක්ෂිකයාව පාවාදිමක් සිදුකරේය.) සමාජ සේවකයකු ලෙස සජිත් ප්‍රෙමදාස මහතා සිදුකරන සේවයට පාටක් පක්ෂයක් නොමැතිව අපගේ ප්‍රණාමය.