skip to main |
skip to sidebar
පද පෙළක් නැති
කවිය
නුඹම විය...............
ගියා තමයි නුඹ කතරට
එත් මෙහෙම වෙයි කියල
හිතුවෙ නැ අපි
නුඹ එනදා යළි ආපිට
හනි හනිකට ලැස්තිවි
ගියා අපිත් කොලොම්තොටට
නුඹ පිළිගන්නට
එත් අයියෙ නුඹ ආවේ
අපෙන් ගියා වගේ නෙවේ
අතරමංය ඒ ගතිගුණ
වලිකතරේ දැන්
වෙනදා අම්මෙ තාත්තෙ කිය
ගෙදරින් යන විට වැද ගිය
අයියා නොවේ යළි අවේ
අවේ වෙන කෙනෙක්
පුර පෝයට පන්සල් ගිය
අයියා යන්නෙ සැණකෙලියට
අනේ වෙච්ච වින්නැහියක්
කවුද වග කියන්නෙ
සාර ධර්ම අමතක කර
කාසි පනම් පොදි බැදගෙන
නුඹ ගියෙ ඒ දුර කතරට
මෙය කර ගන්නද?