Saturday, November 26, 2011

මට දෙන්න මගේ සිහිනේ....


Share/Save/Bookmark

මා කෙතරම් ඔබට ආදරය කරන්නේද?කෙතරම් නුඹට ආදරය කර ඇත්ද?එත් කිසිවකට m%තිඵලයක් වේද යන්න මා නොදනිමි.මා තවත් ඉදිරියට නුඹට ආදරය කරන්නෙමි.
උදේට මහා ගංගාවක්ව මා හදවත් ඉඩෝරයට අස්වැසිල්ලක් වු ඔබ සන්ද්‍යාවට මහා ගිනි කන්දක් සේ මා ඉදිරියේ පුපුරා යයි.නමුත් නුඹ නිසාම ගිනියම් වන හදවත නුඹගෙන්ම සිසිල් කර ගත හැකියැයි මගේ සිත කියයි. දිනය අදයැයි හෙටයැයි මගේ සිත මටම බොරු කරයි.කාලය දින සති ගෙවි යත්දි මම නුඹ ගැන සිතා හදවත ගෙවා ගත්තෙමි.හරි හමන් වචනයක් නැති නුඹේ ආදරය ගඟට ඉණි කැපුවක් වේදැයි විටෙක මට සිතේ.නුඹේ ආදරය ඉල්ලා නුඹ ඉදිරියේ මෙතරම් හැඩු  කෙනෙක් තවත් නැත.නුඹට ආදරය කරන බොහෝ දෙනෙක් ඇතත් මා තරම් නුඹට ආදරය කල කෙනෙක් නැත.මගේ ආදරය නුඹ ඉදිරියේ නිරුවත්ව තිබියදි නුඹ දෙස මානුෂික බැල්මක්වත් යොමු නොකරයි.කයිවාරු ගසන නුඹේ ඔය මුවේ මා වෙනුවෙන් පිලිතුරක් නැත.පිලිතුරු වෙනුවට නුඹ පලායයි.
නුඹට මගේ ආදරය අවිශ්වාසදැයි මට විටෙක සිතේ......ඒත් පසු ගිය අවුරුදු දෙක තුනේ මා මාගේ විශ්වාසය වෙනුවට කරුණු සම්පාදනය කර ඇත්තෙමි. කාලය තුල මා නුඹ වෙනුවෙන් ඉදිරිපත් වු වාර අපමණය.නුඹට මග පෙන්වු වාර අපමණය.....ඒත් නුඹ සැම විටම මා කොන්කර දමා ඇත.නුඹ වෙනුවෙන් මෙච්චර දෙවල් කර ඇති මාගෙන් නුඹ 'තමුසේ කවුදැයි..?' අසයි.සිතන්න......එය සාධරණ දැයි සිතා.මා මෙන්ම හදවතක් නුඹටද ඇතැයි මා සිතමි.බයක් සැකක් නොමැතිව  හදවත පාසරු කරගෙන යන කිනිස්සක් වැනි වචන වලින් මම අනන්ත සංග්‍රහ ලබා ඇත්තෙමි.එවනි කිසිම අවස්ථාවකදි නුඹට මා ගැන ඇහි පිල්ලමක තරම් ශෝකයක්වත් නැති හැටිද මම අනන්ත දැක ඇත්තෙමි.අඩුම මා වෙනුවෙන් මෙච්චර ආදරේ කරන මිනිහා ලෙස වත් මා ගැන නුඹට නොසිතෙන්නේ මන්ද ....... කිසිවකට මා නුඹට වෛර නොකරමි...මා නුඹ කෙරේ ඇති ආදරය වෙනුවෙන් සියල්ල ඉවසමි.නමුත් ඉවසිම වෙනුවට නුඹ සාධාරනයක් කරන්නේ කවදාද?
මමයි නුඹේ උකුලේ හිස තියන්න පෙරුම් පිරුව පෙම්වතා.නුඹේ ඇස් දිහා කදුලු එනකන් තරගෙට බලන් හිටපු අහිංසකයා.හැම දාම ඇස් දිහා බලන් ඉදල නුඹ පැරදුණා.ඇස් පියාගන්න කියල නුඹේ සුදු මුහුණ ලගට ඇවිත් බලන් ඉදපු මනුස්සයා.නුඹ වැරදි කරන්න හදනකොට ලග ඉදන් පාර පෙන්නපු ගුරුවරයා.ඒත් කිසි දෙකට ගැරවුමක් මිස m%ශංසාවක් මට කිසි දිනක නුඹේන් ලබුනේ නෑ.
නුඹ වගේ පුංචි එකියක් ඉදිරියේ මගේ සවිඇති යැයි සිතු හදවත දියාරු වි ගියේ කෙසේද....?මෙ ලොව මෙතරම්  කෙල්ලන් සිටියදි ඇයි මගේ හිත නුඹ ඉදිරියේම නැවතුනේ...?පිලිතුරු සොයා මම කාලය ගතකරමි.
කාලය සමග නුඹ මගේ ජිවිතයට බද්ධ වි හමාරය.නුඹේ ඔය නිල් පාට ඇස්......සුදුම සුදු පාට කම්මුල්.....රෝස පාට තොල්පෙති ඇයි කච කච ගාන කට මට නොදැක ඉන්න බැරි උන හැටි. නිසාවෙන් මට නුඹව නොදැක ඉන්න බැරිඋනෙමි.සියැසින් පෙනෙන නුඹ සිහිනයෙන් පෙනෙන්නට ගත්කල මා ඇයි දැයි සිතු වාර අපමණය........පිලිතුර.....මම නුඹට ආදරය කිරිමයි.අහිංසක හා පැටියෙක් වගේ ඉන්න නුඹ වෙලාවකට ගිනි කන්දක් පුපුරනව වගේ පුපුරත්දි නුඹේ රත් පැහැඋණු කම්මුල් දිහා බලන් ඉන්න මම වැඩියෙන් ආශ කරා.ඒත් නුඹ අහිංසක සිනාවට නපුරු කම කොහෙන් ආරුඩ වෙනවද කියල දන්නේ නුඹම තමයි.
ඒත් අද නුඹේ නිරුත්තර හදවත ඉදිරියේ මා නිසොල්මන්ව බලා හිදි...මට ඕනැකරන්නේ නුඹවයි,නුඹේ පිලිතුරයි. නුඹට ආදරය කරන්න......නුඹෙන් තොර වු ලොකයක් ගැන හිතන්නටවත් නොහැකි හින්දා මම නුඹ ලැබුණා හෝ නොලැබුණා, නුඹටම ආදරය කරමි.එත් නුඹ වෙනත් කෙනෙකුට අයිති විම මට බලා සිටිය නොහැක...........බලාසිටිය හැකිමුත් දරා සිටිය නොහැකි වෙනු ඇත.

4 සිතැඟි:

ඔබ නොදු‍ටු ලොවක්..... said...

දුක කියන එක දරාගෙන ඉන්න තමා අමාරු......

ලකී වික්‍රමසිංහ said...

Love is a feeling that I still cannot comprehend properly!

ප්‍රාර්ථනා said...

හ්ම්... හරියට වචනයක් දෙන්නේ නැති කෙනෙක්ට ආදරේ කරන එක හරිම අමාරුයි තමා,.

Raj said...

වෙලාවකට ඔය විරහවත් හරිම රසවත්...ඒත්.....ඔකේ ඇලිගැලීම ඉන්න එක නම්......නුවනට හුරුදෙයක් නේවෙයි.....