Thursday, November 17, 2011

සමණළියක් ඉකිබින්දා………..


Share/Save/Bookmark
මම හැමදාම කියනවා වගේ ජිවිතේ කියන්නේ පුදුම සිදුවිම් පෙලක එකතුවක්..ජිවිතේ අහන්න දකින්න ලැබෙන දේවල් දිහා බැලුවම සමහරක් දෙවල් අපේ ජිවිතේ කහටක්  ඉතුරු වෙනවා.වෙලාවකට මේ පොළව උඩ මේ වගේ කතා සිද්ද වෙනවද කියල කියල හිතන්නත් බැරි තරම් ඒ කතාවන් අමිහිරියි.මේ සිදුවිමත් අන්න ඒ වගේ මනුස්සයකුගේ හිතේ අන්තිමට ඉතුරු උන කහටක් විතරයි.එත්  ඒ කහට ජිවිතේ ඉස්සරහට පියාඹල යන්න හදපු සමනලියකගේ ඇගේ දැව‍ටුන මකුළු දැලක් වෙයි කියල කාටවත් හිතන්න අමාරුයි.
මම කියන්න හදන කතාව සත්‍ය කතාවක් නිසා මේ සිදුවිමට සම්බන්ධ ප්‍රධාන චරිතය මම පහන්‍යා ලෙස හදුන්වන්නම්.ඇය පදිංචි වෙලා හිටියේ දකුණු පලාතේ.දැනට වයස 21යි.උසස් පෙළ හදාරා අවසන් කර ඇති ඇය දැනට ‍රැකියාවක් කරනවා.මිට මාස දෙකකට තුනකට පෙර ඇයව හමුවුවත් ඇය මගේ මිතුරියක් සහෝදරියක් තරමට මේ කෙටි කාලයට හිතවත් උනා.පහන්‍යාට තිබුනේ ඇත්තට ප්‍රියමානාප පෙනුමක්.කොයි වෙලාවක උනත් හිනාවුන මුහුණින් බිගුසර අයියා කියන්න ඇය පුරුදුව හිටියා.
පසු ගිය සතියේ දිනයක මා ඇය හමුවට ගියේ ඇත්තෙන්ම කම්මැලි කමටත් එක්ක පොඩි කදයක් දාන්න.ඒත් සමන්‍ය අන්දමින් පටන් ගත්ත කතාව ඇය එක වර වෙනත් අන්තයකට ගෙන ගියා.මම මේ කතාව මින් පසුව අප දෙදෙනා අතරවුන දෙබස් වලින්ම සටහන් කරන්නම්.
බිගුසර අයියේ මට ඔයාට කතාවක් කියන්න තියෙනව.හැබැයි පොරොන්දු වෙන්න ඕන කාටවත් කියන්නැ කියලා.’
මිතුරන් කිහිප දෙනෙකුගෙම පුද්ගලික ලේඛම් තනතුර දරන මම කෙලින්ම කතාවට බහින ලෙස ඇයට යොජනාකරා.
‘අයියේ ඔය සිද්ධිය වෙනකොට මම හිටියෙ 8 වසරේ.මම ලොකු ළමයෙක් වෙලා මාස 4ක් විතර ඇති.එක දවසක් අපේ අම්මයි තාත්තයි රෑක ගමනක් ගියා.මතක හැටියට පිරිත් ගෙදරක.එදා ගෙදර හිටියේ මායි අයියයි විතරයි.අයියා හිටියේ 10 වසරේ.’
‘ගෙදර බාලයා නිසා මම හැමදාම නිදා ගත්තේ අම්මයි තාත්තයි ගාව.ඒත් ඔය කියන දවසේ දෙන්නා රෑ එන්න බලන් ගිය ගමනක් නෙවි ගියේ.ගොඩ වෙලාවට මාවත් එක්කන් නොගියේ රෑ එන්නැති නිසාද කොහෙද..අනික අයියා ගෙදර ඉන්න නිසා මාව දාල යන්න එයාල දෙපාරක් හිතන්නේ නැතිව ඇති.’
‘රෑ 7.30 විතර වෙනකොට අම්මලා පිරිත් ගෙදර ගියා.වෙනදට මම කොහොමත් නිදාගන්නෙ රෑ 10 විතර උනාට එදා මම අම්මයි තාත්තයි ගෙදර නැති නිසා  8.30 විතර වෙනකොට කාලා නිදාගත්තා. වෙලාවෙ අයියා එයාගෙ කාමරේ මොනව හරි වැඩක් කරකර හිටියේ.මම අයියටත් කියලා මම නිදාගන්න කාමරේට ඇවිත් නිදාගත්තා.වෙනදට නින්ද යනකන් අම්මා එක්ක කයිවරුවක් ගහන මට එදා තනියම නිසා ඇදට වැටුන ගමන් නින්ද ගියා.’
එක එල්ලේ මෙතෙක් කතාව කියාගෙන ආපු ඇය මදක් කතාව නතර කොට කල්පනාවක යෙදෙන්නට විය.ඇගේ කල්පනාව තුල බොහෝ දේ සැගව ඇතිබව මට තේරුම් ගත හැකිවිය.මමද ඇයගේ කතා රටාවට ඉඩදී බාධා නොකර නිහඩව ඇය දෙස බලා සිටියෙමි.
මිනිත්තු දෙකක් තුනක් කල්පනාවේ යෙදි සිටි ඇය නැවතත් කතාවට මුල පිරීය.
‘එදා මම නිදාගෙන ඉන්නකොට රෑ එක පාරටම මට දැනුනා කවුරුහරි මගේ ඇග අත ගානවා වගේ.මම බයවෙලා කැ ගහන්න හදන කොට ෂ්.... කැ ගහන්න එපා කියල කිව්වා.කලුවරේ උනත් මම දැන ගත්තා ලග හිටියේ අයියා කියලා.
කවදාවත් නැති වෙනසක් අයියගෙන් දැක්ක නිසා මම බය වෙලා කැ ගහන්න හදන කොට අයියා මාව කොට්ටෙන් හිර කරා.මම හුස්ම හිරවෙලා දගලන කොට අයියා කිවා උඹ දගලන්නැතිව මම කියන දේ කරපන් නැත්නම් මම උඹව මරනව කියලා.’
‘ඇත්තටම එදා අපේ අයියා මාව මරල දැම්මනම් හරි බිගුසර අයියේ.එදා මම පොඩි නිසා මම මරනව කිවාම බය උනා අයියේ. ‘
‘අයියා මාව විදියට බය කරලා එයාගේ හිතේ තිබුන ආශාවන් මගෙන් ඉස්ඨකර ගත්තා.මම පුලුවන් තරම් දගළලා බේරෙන්න හැඩුවා.ඒත් මම පැරදුනා.මට කෑ ගහන්න බය හිතුනා බිගුසර අයියේමෞගයා මාව මරල දායි කියලා.ඒත් එදා රෑ තිරිසනා මාව විනාශ කරල මරල දැම්මනම් හොදයි කියල හිතෙනකොට එලිවෙලා ඉවරයි.මගේ අම්මගේ කුසෙන්ම ආපු තිරිසනා මාව විනාශ කරල දානකන් මම අඩ අඩා හිටියා. වෙලාවෙ මගේ හිතට ආපු  හැගිම කවදාවත් මේ ලොකේ වෙන කෙල්ලෙකුට උරුම වෙන්න හොද නෑ බිගුසර අයියේ. ඒක තරම්ම හිරිකිත අත්දැකිමක්.අවුරුදු 13කදි මම මගේම සහෝදරයට බිලි උනා....’
නැවතත් ඇගේ නිහඩතාවය නිසා මෙතෙක් පහළට නැමි තිබු හිස ඔසවා මම ඇය දෙස බැලුවෙමි.ඇගේ දැස්වලරැදි තිබුන කදුලු බිදු දෙක තුන පැවසුවේ ඇගේ දැස් වල හඩන්නට තව කදුලු නැති බවයි.මෙතෙක් නිහඩව සිටි මම හඩ අවදි කලෙමි.
‘ඊට පස්සේ මොකද උනේ නංගි.....?’
‘අයියා එයාගෙ ආශවන් ඉස්ඨ කරගත්තයින් පස්සේ අම්මට කියන්න එපා කියලා මට තර්ජනය කලා.’
‘උදේ පාන්දරම අම්මා විතරක් පිරිත් ගෙදර ගිහින් ආවා. වෙනකොටත් මට මගේ ඇස් වල තිබුණ කදුලු හංගන්න බැරි උනා.රෑ තිස්සෙම අඩා වැටුන නිසා මගේ කදුලෙන් මුලු ඇදම තෙත්වෙලා තියෙන්න ඇති.අම්මා දැක්ක ගමන් මට තවත් ඇඩුනා අයියේ.මම අම්මට ඔක්කොම දේවල් කිවා.එදා මගේ පුංචි හිතට එච්චර ලොකු දුකක් හංගන්න බැරි උනා.’
‘ඊට පස්සේ එකපාර කුස්සියට දුවගෙන ගියපු අම්මා කුස්සියෙ තිබුණ පිහිය අරන් ඇවිත් අයියගේ කාමරයට ගිහින්.‍තෝ මේ අතින්ද යකෝ අර අහිංසකිට කරදර කරේ කියල පිහියෙන් අයියගෙ අතට ගහල,මෙච්චර වෙලා නිදා ගෙන ඇදේ හිටපු අයියා අම්මවත් තල්ලු කරලා ගෙයින් දුවල ගියා ගියාමයි අද වෙනකන් ගෙදර ආවෙ නැ.’
‘ඊට පස්සේ අයියා ගැන ආරංචියක් නැද්ද.....?’
‘ඒ තිරිසනා ගෙදරින් ගිහිල්ල අවුරුදු ගානක් යනකන් ආරංචියක් තිබුනේ නැ.ඒත් ලගකදි ගමේ කෙනෙකුට අයියා හම්බවෙලා.දැන් සිතුල්පව්ව පැත්තේ මේසන් වැඩට අත් උදවු දෙනවලු.අවුරුදු 16 විතර පොඩි කෙල්ලෙක්ව බැදල ළමයිත් ඉන්නවලු. තිරිසනා ගැන හොයන්න අපි කාටවත් ඕන කමක් තිබුනේ නැ අයියේ.’
‘ඒත් මම දැන් පිරිමි ලමයෙක් එක්ක යලුයි කියල බිගුසර අයියා දන්නවනේ. අයියා මේ කතාව දන්නේ නැ අයියේ.මේ කාලකන්ණි කෙල්ලගෙ කතාව ගෙදරින් පිට දන්නෙ මගේ හොදම යාලුවයි,මගේම අයියාට වඩා මට අවංකවම සහෝදරියක් වගේ සලකන ඔයයි විතරයි අයියේ.මට තෙරන්නැ අයියේ මම කොහොමද අහිංසක කොල්ලව රවට්ටන්නේ කියලා.මොන දේ උනත් මම මනුස්සයට මේ දෙවල් කියන්න ඕන.ඒත් මේ දෙවල් දැනගත්තයින් පස්සේ මාව දාලා ගියත් කමක් නැ.ඒත් දාල ගිහින් මේ දෙවල් ප්‍රසිද්ධ උනොත් මම කොහොමද මිනිස්සුන්ට මුහුන දෙන්නේ.අනික එයා මට සමාව දුන්නා කියමුකො ඒත් මම කොහොමද බිගුසර අයියේ එයාලගෙ අම්මට මගේ පිරිසිදු කම ඔප්පු කරන්නේ.ගම්වල අය තාම ඕවා බලනව.මම ආදරේ කරන්න තරම් සුදුසුකම් නැතිව තියෙත්දිත් එයාට කැමති උන එක වැරදි.ඒත් ආදරේ කියන දේ මටත් දැනෙනව අයියේ.සද්ද නැතිවම මම එයාව එක සැරයක් මග හරින්න හැදුවා,අම්මෝ පව් එදා එයා මාව නැති උනොත් මැරෙනව කිව...එත් අයියේ මම අපිරිසිදු කෙල්ලෙක් බව දැන ගත්තොත් එයා මං වෙනුවෙන් මැරෙන 1ක් නෑ.අනේ අයියේ මම දැන් මොකක්ද කරන්නේ....?’
මිතුරන් බොහෝ දෙනෙකුගේ අපිරිමිත ගැටලු වලට මා ගාව පිලිතුරු තිබුනි.ඒත් ඇයගේ ගැටලුව වෙනුවෙන් මට දිමට සාධාරන පිලිතුරක් මගේ මනසේ සිමා මායිමකවත් නැත.ඇත්තටම මම ගැටලුව ඉදිරියේ නිරුත්තර උනෙමි.
‘නංගි ඔය වගේ ගැටලු වලදි පොඩ්ඩක් හිතලම ඉස්සරහට වැඩ කරන්න ඕන.බලමු අපිට හොද විසදුමක් හොයා ගන්න බැරි වෙන 1ක් නෑ.’
මම එදා ඇයගෙන් වෙන්වි ගොස් බොහොවාර මේ වෙනුවෙන් සාධාරන පිලිතුරක් සෙව්වෙමි.ඇයට පිලිතුරක්,මාවතක් සොයා දිම අද මාවෙත පැවරි ඇත.එසේ සිත්සිමා එහා ගොස් පිලිතුරු සොයා යන මට නිරායයෙන්ම සිංහල බ්ලොග් මිතුරන් මතක් විය.මන්ද ජිවිතයේ අනේක ගැටලු ඉදිරියේ යකඩ වු ගැහැණුන් පිරිමින් මට බ්ලොග් අවකාශයේ හමුවි ඇත.ඒත් මෙය අහිංසකාවියකගේ ජිවිතය සම්බන්ධ ගැටලුවක් හෙයින් මට ඇයගෙන් අවසර නොගෙන පොස්ට් කිරිමේ හැකියාවක් නැත.මන්ද මම ඇය වෙනුවෙන් පොරොන්දුවක් වි ඇත.තවද ඇය මගේ බ්ලොග් රසිකාවියකි.
‘බ්ලොග් එකට ඕන දෙයක් ලියල දාන්න බිගුසර අයියේ,ප්ලිස් මගේ නම විතරක් දාන්න එපා. මගේ නම නොදා ලියන්න මමත් කියවන්න ආසයි.’
‘මොකක්ද එහෙනම් දාන නම.......?’
‘බිගුසර අයියා කැමති නමක් දාන්න.ඒත් මම ආසයි අර ඔයා කිවේ ඔයට කවදහරි දුවෙක් ඉපදුනොත් නම දානව කියල.ඒත් මේ වගේ කතාවකට ලස්සන නම දාන්න ඕන නැ.’
‘ම්ම්ම්ම්....................නෑ,මම නමම දානවා.’
පහන්‍යා
ඔබ මේ ලිපිය කියවන මොහොතේ ඇයද මෙම ලිපිය කියවනවා ඇත.වයස 13කදි තම සොහොයුරට බිලිවු ඇය අද තම අදරය ඉදිරියේ වන්දි ගෙවිමට මගක් සොයමින් සිටි.බොහෝ  ප්‍රේම සම්බන්ධතා නිසා ජිවිතය විනාශ කර ගත් තරුනියන් සිටින නමුත් බලහත්කාරයෙන් තම සහොදරයාට බිලිවු ඇය දෙස අප එසේ බැලිය යුතු නැත.මේ කතාව ලියන මොහොතේ මට ලස්සන සින්දුවක් මතක් උනා.ඇත්තටම  නීල වික්රමසිංහ ගායනා කරන ගිතය ඇය වෙනුවෙන්ම ලියවුවක් මෙනි !

බෝධියේ විහාරයේ පිදු පියුම් වැනි වු.....
බාලිකා ලොව මැල උන දා, මුලු ලොවටම රෑ වෙනවා....
ජිවිතේ පියාඹමින් සිනාසිසි ඉදිනා
සිනා මා බොලද නෙතේ,උණු කදුලක් කරනු එපා....
මල් පොහොට්ටු මා හදේ සුරංගනා පොකුණේ
මල් වරම් ලැබ පිපෙන තුරා,ඔබ ටුවෙන් හිදිනු එපා....

ඇය සැබවින්ම ඉකි බිදින සමණළියකි.......
බාලිකා ලොව මැල උන දා, මුලු ලොවටම රෑ වෙනවා....

1 සිතැඟි:

ප්‍රාර්ථනා said...

මම නම් හිතෙන්නේ ඒ පිරිමි ළමයා ඒ නංගිට සමාව දෙයි කියලා,. කෝකටත් කියලා බලන්න කියන්න,.