Tuesday, October 18, 2011

ගුරු දිනයට ඩිස්කෝ නැ‍ටු පාසල.....


Share/Save/Bookmark
ලෝක ගුරු දිනය පසුගිය දවසක මහ ඉහලින් සැමරුවා කාටත් මතක ඇති.ඔන්න ඔය දවස් දෙක තුනේ මාත් පොඩි නිවඩුවක් දාල ගෙවල් පැත්තේ (අම්පාරේ) රවුමක් ගැහුවා.අපේ ගෙවල් ලගම ටිකක් ප්‍රසිද්ධ මහ විදුහලක අපුරු ගුරු දින සැමරුමක් දකින්න පුලුවන් උනා.හරියටම ඔය කියන දවසේ (ඔක්:05) මම උදේ පාන්දර ඔය කියන විදුහල ලගින් වැ‍ටුන පාරේ පොඩි ගමනක් යන්න ගියා...කොහොම හරි පාසල්  භුමිය ඇතුලේ පොඩි ස්ටේජ්  එකක් ගහල විදුහල්පතිතුමයි පාසලේ ගුරු මණ්ඩලයයි උඩ තියන් කව්දො සිසුවියක් ගුරු දිනය ගැන වර්නණාවක. ඔන්න ඔය අතරතුර පාරට අසන්නව තියෙන ගොඩනැගිලි තුන පිටිපස්සේ අපේ අදරණීය පෙම්වතුන් පෙම්වතියන් ජොඩු ගැහිල පෙම් සුව විදිනව..වෙනද වගේ බය වෙන්නදේකුත් නැනෙ.මොකද ඉතින් විදුහල්පතිතුමයි පාසලේ ගුරු මණ්ඩලයයි උපහාර ලබනවනෙ, ඉතින් වෙනද මේ පෙම්වතුන්ට දුස්ටයො වෙච්ච ගුරු මහත්වරුටත් අද උපහරේ නිසා මේ පෙම්වතුන් අමතක වෙලා වෙන්න ඇති කියල මට හිතුනා.
මේ මාතෘකාව මගේ හිතට වැදුන නිසා ඔය පාසලේ ඉගෙන ගන්න කොල්ලො කෙල්ලො ටිකක් අල්ලගෙන මම ගුරු දින වැඩ සටහන ගැන තොරතුරු ටිකක් හෙව්වා.ඔන්න එක සිසුවියක් කියනව  අද ස්කොලේ ෆන්ලු.කොල්ලො ඩෙස් වලට ගගහ සින්දු කීවාලු කෙල්ලො නැ‍ටුවලු.ඉතින් මම ඇහුවා ගුරුවරු බැන්නෙ නැද්ද කියලා.මොන අර .......සර් අපිවත් ඇදල දැම්මා නටන්න කියලා.ඇයි අද ස්කොලෙත් ජස්ටින් බිබර් ගේ සිංදු දාල තිබුනා.ඔය කතාව ඇහුවම මාව කරකවල අතහැරියා වගේ උනා.අනේ මෙහෙමත් ගුරු උපහාර.අප පාසල් පද්ධතියෙන් ශිෂයන් විදියට ඉවත් වී අවුරුදු දෙක තුනට මේ වගේ විපරීත සිදුවි ඇත්නම් ඉදිරියට මින් එහා ගිය බොහෝ දේ පාසල් පද්ධතියෙන් අපට දකින්න ලැබෙනු ඇත.මන්ද අප මීට වඩා ප්‍රමිතියෙන් යුතු බොහෝ දේ ගුරු දිනයන් වෙනුවෙන් එදා සංවිධනය කලහ. මිට වගකිය යුතුවන්නෙ කවුරුන්ද?ශිෂයන්ද...එසේ නොමැති නම් ඔවුන්ට මග පෙන්වන ගුරුවරුන්ද.....නොමැතිනම් මෙවනි ප්‍රථමික වැඩසටහන් ක්‍රියාත්මක කරන විදුහල්පතිවරුන්ද..නොමැතිනම් ලෝක ගුරු දිනය වැනි වැදගත් දිනයන්ට නිසි ප්‍රමිතියකින් යුතු වැඩසටහන් චක්‍රලේඛන ගත කර එවනි වැඩසටහන් අධය්‍යණය නොකරන වගකියයුතු බලධාරින්ද...මෙය බ්ලොග් පි‍ටු අතර සිරවිය යුතු සිතුවිල්ලක් පමණක් නොවනු ඇතැයි මට සිතේ.

9 සිතැඟි:

දිල් said...

හැමදේම මාර්කටීන් වෙන අද සමාජයේ උපහාරයට යන කල මේකයි.....අනේ මේවා කාට කියන්නද

බිගුසර said...

ඒක නම් ඇත්ත දිල්.ඒත් මෙවගෙ කෙලවරක් උනේ නැත්නම් බලපැම තියෙන්නෙ අනාගත පරපුරට....

R Chandru said...

21 k weni siyawasata mewath kathada bingu sahodaraya,.......

Harsha Dilhan said...

ඔව් බිගු වගකිවයුත්තේ ගුරුවරු , දෙමව්පියන් ,සිසුන් සහ විදුහල්පතිවරු වගෙම එහෙම වෙනව බලාගෙන ඉදල බ්ලොග් එකට සිමා වුනු ඔබත් වගකීම බාරගත යුතුයි. මදකට සිතන්න.......................

sudu said...

දැන් ළමයින්ට පාසල් තුළින් මනස අවුල්වීමක් මිසක් මනස පෝෂණය කිරීමක් සිද්ධවෙන්නෙ නෑ

Mama said...

මේ කියන්නේ ගාමිණී මහා විද්‍යාලය ගැන නේද? ඒක මගෙත් ඉස්කෝලෙ දැනට අවු. 24 කට පෙර. අනේ අපේ අනාගත රටට යන කල....

බිගුසර said...

නැහැ,මේ සිද්දිය උනේ ගාමිණි එකේ නෙවි..අම්පාර හොස්පිටල් එක ලග ස්කොලෙක.නම දාන එක හොද මදි නිසා ඔන්න තියෙන තැන කිවා.

ලකී වික්‍රමසිංහ said...

ඔහොම තමයි මල්ලි, ගුරු දිනයත් වාණිජ පරමාර්ථ වලට යටවෙලා. උපාධියක් තිබුණ පලියට ගුරුවරයෙක් වෙන්න බෑ. සතර බඹ විහරණයත් තියෙන්න ඕනෙ. ඒත් ඒ කාලෙ පහුවෙලා මල්ලි.ඕව අපිට හදන්න බෑ.

ඔබ නොදු‍ටු ලොවක්..... said...

වැලන්ටයින් එකයි ගුරු දිනෙයි මාරු වෙලා ද .....