Monday, April 9, 2012

බම්බු ගැසීම...


Share/Save/Bookmark
බම්බු ගහගනින්, බම්බුව තමයි කියන වචන ඔබ බොහෝ විට එදිනෙදා භාවිතා කරනව ඇති.ඉතිං මොකක්ද මේ බම්බුව කියන්නේ,බම්බුව කොහොමද සිංහල ජන වහරට ආවේ කියල බලමු.
ඉතින් ලෙඩ වෙන එක ඕන කෙනෙකුට වෙන දෙයක්නේ.බාල,මහලු,ගැහැණු,පිරිමි ඔය කොයි කවුරුත් ඉතින් ලෙඩ වෙනව.ඉතින් මනුස්සයන්ට වගේම සතා සිව්පාවුන්ටත් ලෙඩ රෝග කියන්නේ පොදු දෙයක්.ඉතින් ඔය කාට උනත් ලෙඩක් වේදනාවක් ආවම යන්නේ ඉතින් ගමේ වෙද ගෙදරට.අද වගේ නොවෙයි එදා අපිට තිබුන ස්වයංපොෂි ආර්ථිකයක් නේ.ඉතින් හැම ගෙදරකම වස්සෙක්,එළ දෙනක් වැරදුනේ නැ.
එදා අපේ ගමේ උදවියට ගෙදර දරු මල්ලෝ ලෙඩ උනා වගේ තමයි ගෙදර ඉන්න හරකා බාන ලෙඩ උනාම.ගෙදර ඉන්න වස්සා,එලදෙන,වසු පැටියා ලෙඩ උනාමත් ඉතින් බෙහෙතක් කරගන්න වෙද ගෙදරට යන්න අමතක කරේ නැ.ඔන්න ඔය ගියහම වෙද ගෙදර ඉන්න වෙද මහත්තයට හරි වෙද හාමිනෙට හරි තියෙන අමාරුම දේ තමයි මේ අසනීප උන සතාට බෙහෙත් ගුලියක් ගිල්ලවන එක.ඉතින් මේ අසනීප උන සතාට බෙහෙත් ගුලිය ගිල්ලවන්න එදා වෙද ගෙදර අපුරු උපක්‍රමයක් භාවිතා කරා.ඔන්න අඩි 5ක් 6ක් දිග උණ බටයක් අරගෙන ඔය බටේ ඇතුලේ තියෙන පුරුක් කඩලා බටයක් හදාගෙන ඔය බටේ සතාගේ කට ඇතුලට දානව.කොච්චර දානවද කිව්වොත් සතාගේ උගුරටම දානවා.ඊට පස්සේ බෙහෙත් ගුලිය අර උණ බටේ ඇතුලෙන් සතාගේ කටට එහෙම නැත්නම් උගුරටම දානවා.ඔන්න ඕකයි එදා වස්සන්ට,එළදෙනුන්ට බෙහෙත් පොවපු විදිය.ඔය ප්‍රතිකර්මේ එදා බම්බු ගැහිම කියලා හැදින්නුවා.වෙද ගෙදරට සතෙක් ගෙනාවම වෙද රාල සතාව පරික්ෂා කරලා කියනව ඔය සතාට බම්බුවක් දෙකක් ගැහුවම හරි කියලා.ඒ කියන්නේ බෙහෙත් වාර ගණන.ඔන්න ඔහොම ආපු බම්බු ගැහිල්ල අද ගොඩ දෙනාගෙ බස් වහරට ආවට ඔය වචනේ භාවිතා කරන ගොඩ අය වචනේ තේරුමනම් දන්නේ නෑ නොව.

Friday, March 9, 2012

විඩියෝ ඩවුන්ලෝඩ් ඇක්සිලේටර් කුණු කුඩේට


Share/Save/Bookmark
ඔබ බොහෝ විට ඔබගේ පුද්ගලික පරිගනකයක් හරහා නොගොස් අන්තර්ජාල හලකින් හෝ වෙනත් පරිගනකයක් ආධාරයෙන් අන්තර්ජාලයට ගොස් විඩියෝ බාගත කර ගැනිමට උත්සහ කරන විට එම පරිගනකයේ විඩියෝ ඩවුන්ලෝඩ් ඇක්සිලේටර් මෘදුකාංගයක් ස්ථාපිත කර නොමැතිනම් ඔබට අවශ්‍ය විඩියෝව බාගත කරගැනිමේදි ඔබ අපහසුතාවයට පත්වන්නට ඇති.එවනි අවස්ථාවකදි ඔබට විඩියෝ ඩවුන්ලෝඩ් ඇක්සිලේටර් එකක් ස්ථාපිත කර ගැනිම අපහසුනම් ඒ සදහා පිළියමක් මම කියා දෙන්නම්.පරිගනකයේ අනවශ්‍ය ලෙස මෘදුකාංග ස්ථාපනයට අකමැති ඔබටද මෙය කදිම විසදුමකි.
ඔබට කරන්න තිබෙන්නේ ඔබට අවශ්‍ය විඩියෝව අන්තර්ජාලය තුල වාදනය විමට සලස්වා එම මත Right Click කර විඩියෝවට අදාල URL එක Copy  කර ලබාගැනිමයි. සමහරක් අඩවිවල විඩියෝවට අදාල URL එක පසකින් දක්වා ඇත.


ඉන් පසුව ඔබට කරන්න තියෙන්නේ සුළු දෙයක්.http://www.file2hd.com අඩවියට ගොස් එහි ඇති URL Bar එකහි ඔබ විසින් Copy කරගත් URL එක Paste කරන්න.

 ඉන්පසුව ඔබට අවශ්‍ය විඩියෝවේ නිමවුම් කිපයක් පහලින් දිස්වනු ඇත.එයින් ඔබට අවශ්‍ය නිමවුම තොරා එය මත Double Click කරන්න.ඉන් පසුව සාමන්‍ය පරිදි ඔබට එම විඩියෝව බාගැනිමට අදාල  Window එක ලැබෙනු ඇත.



තව බොහෝ සේවාවන් http://www.file2hd.com අඩවිය මගින් ඔබට  ලබාගතහැක.

Monday, January 30, 2012

සජිත් සහ විපක්ෂය....


Share/Save/Bookmark

දර පලා මිටි බැද තම විහාරස්ථානයේ කටයුතු කරගෙන යන භික්ෂුවක් ගැන පුවතක් උදැසන පුවත්පත් බලමින් සිටි සජිත් ප්‍රෙමදාස මහතා දැක ඒ පිලිබද සොයා බලා කටයුතු කරන ලෙස එම ප්‍රදේශයේ සංවිධායකවරුන්ට දන්වා ඇත.
ආණ්ඩු බලය නොමැතිව රටට සේවයක් කරන්නේ කෙසේද....? ලෙස ප්‍රශ්ණ නගන විපක්ෂයේ නායකයන්ට සහ අනෙකුත්  මන්ත්‍රිවරුනට මෙය කදිම පාඩමක් වනු ඇත.ඇත්තෙන්ම රටට සේවය කිරිමට ආණ්ඩු බලය දේශපාලකයිනට අවශ්‍යමද යන්න අපටත් ඇතිවන ප්‍රශ්ණයකි.අප රටේ ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටද ජාත්‍යන්තර සංවිධාන හා ව්‍යාපාරික ප්‍රජාව හරහා ආධාර ලැබේ.නමුත් මෙම ආධර මගින් රටට සිදුවන සේවය පිලිබද ගැටලු ඇත(මන්ද සිරිකොතේ විදුලි බිල පවා ගෙවිම් කරන්නේ දයා ගමගේ මහතාගේ පොකැට්‍ටුවෙනි).එසේ බලන කල සජිත් මහතා විසින් සිදුකරන මෙම නිහඩ සේවයට අපේ උත්තමාචාරය ලැබිය යුතුය.දේශපාලන බල තන්හාව වෙනුවෙන් කුළල් කාගන්නා අපගේ අනෙකුත් මන්ත්‍රිවරුන්ටද තමන්ට රට වෙනුවෙන් කල හැක්කේ මොනවාද යන්න සිතා බැලිමටවත් කාලය එළඹ ඇත.තවද ඇමතිකමක් නොමැතිව රටට සේවය කරන්නේ කෙසෙද ලෙස ප්‍රශ්ණ නගන ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ටද සජිත් මහතාගේ මෙම ක්‍රියාව කදිම ටොක්කකි.තවද ඉහත සිදුවිමට සම්බන්ධ විහාරස්ථානය සජිත් මහතාගේ දේශපාළන බල ප්‍රදේශයේ නොවිම තුලත් එතුමා සිදුකල මෙම ක්‍රියාවේ ඇති සැබෑ අරමුණු අපට තේරුම් ගත හැක.තවද සජිත් මහතා සිදුකල මෙම කටයුත්තෙන් හඩක් නැති සිනුවලටද පණිවිඩයක් ගෙනෙනු ඇත.
දේශපාලන දිවිය තුල අඩුපාඩු කම් තිබුනද (විපක්ෂ නායකත්ව කැ‍රැල්ලෙදි සජිත් මහතා විසින් පාක්ෂිකයාව පාවාදිමක් සිදුකරේය.) සමාජ සේවකයකු ලෙස සජිත් ප්‍රෙමදාස මහතා සිදුකරන සේවයට පාටක් පක්ෂයක් නොමැතිව අපගේ ප්‍රණාමය.

Thursday, December 22, 2011

ඔබ සැමට ස්තුතියි......


Share/Save/Bookmark
ජිවිතේ හැම තැනම දුක සතුට මුසුව තියෙන හැටි මම ජිවිතේ පුරාම වින්ද දෙයක්.කාලයකින් බ්ලොග් 1 පැත්තේ එන්න බැරි තරමටම ජිවිතේ ඉස්සරහ ලොකු ප්‍රශ්ණ ගොඩකම මැදි වෙලා හිටියේ.අවුරුදු 20ක් විතර මාව බලා හදාගත්ත මගේ අදරණිය තාත්තට මේ නිහැදියාව තුලම මට සමුදෙන්න සිද්ධවුණා.දවස් 29ක්ම අම්පාර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබමින් උන්න තාත්තා දෙසැම්බර් 14 වෙනිදා අපි අතරින් සදහටම සමුගත්තා.17 වෙනිදා අවසන් කටයුතු අම්පාර පොදු සුසාන භුමියෙදි කාගෙත් හිතේ දුකක් ඉතිරි කරල තාත්තගෙ අවසන් කටයුතු සිද්ද කෙරුණා.මට තාත්තා ගැන කතා කරන්න ගොඩක් දෙවල් තියෙනව.ඒත් මේ එකට වෙලාව නෙවි.ඊට කලින් මේ කටයුතු සාර්ථක කරගන්න මට සහයෝගය දිපු හැමෝම මම මතක් කරල ඉන්න ඕන.මසෙකට වැඩි කාලෙක ඉදන් අම්පාරට වැටෙන අනෝරා වැස්ස පරයමින් නැගෙන පවුරක් වෙන්නට මා වටා එක් වුවන්ට හැකි උනා.
තාත්තගේ මල ගෙදර උන වෙලාවෙ ඉදන් අස්පස් කටයුතු කරල ,සැරසිලි කටයුතු වල ඉදන් හැම දෙයක්ම සර්ථක කරගන්න උදවු කරපු ජුමාර් අයියා,මුදිත,ධනුක,අමිල්,ආසිරි,හසිත,පංචාල,රිපාන්,අච්චු,දුලාජ්,රස්මික,ජනිත,නෙවින්ද මල්ලිලා ටිකට ගොඩක් ස්තුතියි.දිලිප අයියා,සුපුනා,ගයාන් අයියා කරපු උදව් මට අමතක නැ.අපේ පවුලේ කොල්ලොම 5යි.තේ එකක් වත් අල්ල ගන්න කෙල්ලෙක් නැති අපේ පවුලේ හැකි අයුරින් ඒ කටයුතු කරපු යශොධරා නංගි,චිලක්ෂි නංගි,මිතුනි නංගිටත් මගේ ස්තුතිය.කොල්ලොන්ට නයිට් ගහත්දි චටර් කරන්න බයිට් උන පොඩි ගලා නැත්නම් පුර්ණවත් මට මතකයි මලයා.අශේන් (සුදු බේබි)මම උඹ ගැන වෙනම කතා කරන්න ඕන.උඹ හිටියෙ මගේ පිටිපස්සේමයි.තමන්ගෙ කටයුතු අතපසු කරගෙන දුර කතරක් ගෙවාගෙන ආපු හේවගේ,ලහිරු මලයා,චමින්,රන්සිරි උඹල ඔක්කොටම තැක්ස් මචෝ.මල ගෙදර වෙච්ච වෙලාවෙ ඉදන් මගේ ඔලුව හදන්න කෝල් කරකර මගේ දුක සැප හොයා බලපු තංගල්ලේ මේඛලා නංගිටත්,මැලේසියාවෙ ඉන්න මගේ මිතුරා ජයේ උඹලට එන්න පුලුවන් උනානම් උඹල එනව කියල මම දන්නවා.‍රැ එලිවෙනකන් කැරම් බෝර්ඩ් එක වටේ නිදි වරපු පුංචි සියාම් මල්ලි උබේ ‍ෆිට් එකට මේ අයියා ඔලුව නවනවා.තව කැම මේසේ බත් කොල දන්න උදව් කරපු ගීතා අක්කගේ දුවල දෙන්නටත්,සයුරි නංගා ඇතුලු පුංචි යාලුවො ටිකටත් ස්තුතියි.අනේ මට උදවු කරපු අය ගොඩක් හිටියා......ඒ හැමොටමත් ගොඩක් පින්.උඹල වැඩ කරේ මගේ තත්ත්ගෙ මල ගෙදර නෙවි උඹලගෙ තාත්තා මැරුනා වගේ....ඇත්තටම උඹල ඔක්කොම මට හයියක්.................

Saturday, November 26, 2011

මට දෙන්න මගේ සිහිනේ....


Share/Save/Bookmark

මා කෙතරම් ඔබට ආදරය කරන්නේද?කෙතරම් නුඹට ආදරය කර ඇත්ද?එත් ඒ කිසිවකට m%තිඵලයක් වේද යන්න මා නොදනිමි.මා තවත් ඉදිරියට නුඹට ආදරය කරන්නෙමි.
උදේට මහා ගංගාවක්ව මා හදවත් ඉඩෝරයට අස්වැසිල්ලක් වු ඔබ සන්ද්‍යාවට මහා ගිනි කන්දක් සේ මා ඉදිරියේ පුපුරා යයි.නමුත් නුඹ නිසාම ගිනියම් වන හදවත නුඹගෙන්ම සිසිල් කර ගත හැකියැයි මගේ සිත කියයි.ඒ දිනය අදයැයි හෙටයැයි මගේ සිත මටම බොරු කරයි.කාලය දින සති ගෙවි යත්දි මම නුඹ ගැන සිතා හදවත ගෙවා ගත්තෙමි.හරි හමන් වචනයක් නැති නුඹේ ආදරය ගඟට ඉණි කැපුවක් වේදැයි විටෙක මට සිතේ.නුඹේ ආදරය ඉල්ලා නුඹ ඉදිරියේ මෙතරම් හැඩු  කෙනෙක් තවත් නැත.නුඹට ආදරය කරන බොහෝ දෙනෙක් ඇතත් මා තරම් නුඹට ආදරය කල කෙනෙක් නැත.මගේ ආදරය නුඹ ඉදිරියේ නිරුවත්ව තිබියදි නුඹ ඒ දෙස මානුෂික බැල්මක්වත් යොමු නොකරයි.කයිවාරු ගසන නුඹේ ඔය මුවේ මා වෙනුවෙන් පිලිතුරක් නැත.පිලිතුරු වෙනුවට නුඹ පලායයි.
නුඹට මගේ ආදරය අවිශ්වාසදැයි මට විටෙක සිතේ......ඒත් පසු ගිය අවුරුදු දෙක තුනේ මා මාගේ විශ්වාසය වෙනුවට කරුණු සම්පාදනය කර ඇත්තෙමි.ඒ කාලය තුල මා නුඹ වෙනුවෙන් ඉදිරිපත් වු වාර අපමණය.නුඹට මග පෙන්වු වාර අපමණය.....ඒත් නුඹ සැම විටම මා කොන්කර දමා ඇත.නුඹ වෙනුවෙන් මෙච්චර දෙවල් කර ඇති මාගෙන් නුඹ 'තමුසේ කවුදැයි..?' අසයි.සිතන්න......එය සාධරණ දැයි සිතා.මා මෙන්ම හදවතක් නුඹටද ඇතැයි මා සිතමි.බයක් සැකක් නොමැතිව  හදවත පාසරු කරගෙන යන කිනිස්සක් වැනි වචන වලින් මම අනන්ත සංග්‍රහ ලබා ඇත්තෙමි.එවනි කිසිම අවස්ථාවකදි නුඹට මා ගැන ඇහි පිල්ලමක තරම් ශෝකයක්වත් නැති හැටිද මම අනන්ත දැක ඇත්තෙමි.අඩුම මා වෙනුවෙන් මෙච්චර ආදරේ කරන මිනිහා ලෙස වත් මා ගැන නුඹට නොසිතෙන්නේ මන්ද .......ඒ කිසිවකට මා නුඹට වෛර නොකරමි...මා නුඹ කෙරේ ඇති ආදරය වෙනුවෙන් ඒ සියල්ල ඉවසමි.නමුත් ඒ ඉවසිම වෙනුවට නුඹ සාධාරනයක් කරන්නේ කවදාද?
මමයි නුඹේ උකුලේ හිස තියන්න පෙරුම් පිරුව පෙම්වතා.නුඹේ ඇස් දිහා කදුලු එනකන් තරගෙට බලන් හිටපු අහිංසකයා.හැම දාම ඇස් දිහා බලන් ඉදල නුඹ පැරදුණා.ඇස් පියාගන්න කියල නුඹේ සුදු මුහුණ ලගට ඇවිත් බලන් ඉදපු මනුස්සයා.නුඹ වැරදි කරන්න හදනකොට ලග ඉදන් පාර පෙන්නපු ගුරුවරයා.ඒත් ඒ කිසි දෙකට ගැරවුමක් මිස m%ශංසාවක් මට කිසි දිනක නුඹේන් ලබුනේ නෑ.
නුඹ වගේ පුංචි එකියක් ඉදිරියේ මගේ සවිඇති යැයි සිතු හදවත දියාරු වි ගියේ කෙසේද....?මෙ ලොව මෙතරම්  කෙල්ලන් සිටියදි ඇයි මගේ හිත නුඹ ඉදිරියේම නැවතුනේ...?පිලිතුරු සොයා මම කාලය ගතකරමි.
කාලය සමග නුඹ මගේ ජිවිතයට බද්ධ වි හමාරය.නුඹේ ඔය නිල් පාට ඇස්......සුදුම සුදු පාට කම්මුල්.....රෝස පාට තොල්පෙති ඇයි කච කච ගාන කට මට නොදැක ඉන්න බැරි උන හැටි.ඒ නිසාවෙන් මට නුඹව නොදැක ඉන්න බැරිඋනෙමි.සියැසින් පෙනෙන නුඹ සිහිනයෙන් පෙනෙන්නට ගත්කල මා ඒ ඇයි දැයි සිතු වාර අපමණය........පිලිතුර.....මම නුඹට ආදරය කිරිමයි.අහිංසක හා පැටියෙක් වගේ ඉන්න නුඹ වෙලාවකට ගිනි කන්දක් පුපුරනව වගේ පුපුරත්දි නුඹේ රත් පැහැඋණු කම්මුල් දිහා බලන් ඉන්න මම වැඩියෙන් ආශ කරා.ඒත් නුඹ අහිංසක සිනාවට ඒ නපුරු කම කොහෙන් ආරුඩ වෙනවද කියල දන්නේ නුඹම තමයි.
ඒත් අද නුඹේ නිරුත්තර හදවත ඉදිරියේ මා නිසොල්මන්ව බලා හිදි...මට ඕනැකරන්නේ නුඹවයි,නුඹේ පිලිතුරයි.ඒ නුඹට ආදරය කරන්න......නුඹෙන් තොර වු ලොකයක් ගැන හිතන්නටවත් නොහැකි හින්දා මම නුඹ ලැබුණා හෝ නොලැබුණා, නුඹටම ආදරය කරමි.එත් නුඹ වෙනත් කෙනෙකුට අයිති විම මට බලා සිටිය නොහැක...........බලාසිටිය හැකිමුත් දරා සිටිය නොහැකි වෙනු ඇත.