Friday, October 21, 2011

ජිවිතේ සුන්දර ද මෙතරම්.............


Share/Save/Bookmark
ඕනම මනුස්සයෙකුට ළමා කාලය කියන්නෙ ඉමිහිරි මතකයක්.ඉතින් ළමා කාලේ ගැන මට  තියෙන්න මතකය ටිකක් අවදි කරන්න හිතුනා.
ඔය කියන කාලෙ මම අම්පාර මහ විදුහලක 2..3..වසරෙ හිටියෙ.එතකොට තාත්තා අම්පාර සමුපකාරෙට අයිති උක් ‍ෆිල්ඩ් 1 ක් බාරව උන්නා.ඒ කාලේ මායි අයියයි ස්කෝලෙ ඇරිලා එන බොහෝ වෙලාවට තාත්තා දවල් කැමට ගෙදර ඇවිත් හිටියා.ඒ වගේ දවස් වල මායි අයියයි තාත්තා එක්ක ‍ෆිල්ඩ් එකට යන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ.තාත්තා එත් අපිව එක්කන් යන්න වැඩිය කැමති නැ.මොකද ‍ෆිල්ඩ් එක නයි පොලොන් විමානෙ නිසා.කොහොම නමුත් තාත්තා සතියට දෙපාරක් තුන් පාරක් අපිව ෆීල්ඩ් 1ට ගෙනියනවා.
තාත්තට මම දන්න කාලෙ ඉදන් තිබුනෙ ‍රැලේ වර්ගේ පුට් සයිකල් 1ක්.ඔය සයිකලේ නැගල යන එකටත් අයියයි මායි පොරේ.අයියා හැමදාම ලැගිජ් එකේ යන්න ආස කරා.මාව ලැගිජ් එකෙ ගෙනියන්න තාත්තත් කැමත්තක් දැක්කුවේ නැ.මොකද මම පොඩි එකා නිසා.තාත්තා අපි දෙන්නවත් දාගෙන ෆීල්ඩ් එකට යන ගමනේ තිබුන සතුට මට අදටත් මතකයි.අද අපි කොච්චර විනෝද ගමන් ගියත් ඒ සතුට පරද්දන්න බැ.බ්‍රවුන් හංදියෙන් හැරිලා හිගුරාන පාරට දාලා මුලින්ම හම්බෙන පාලම් 2 පහු කරනකන් අපිට මට ඉවසුමක් නැ.ඒ පාරෙ යන තවත් පුට් සයිකල් පහුකරන් තාත්තා ඉස්සරහට යනකොට මට දැනුනෙ තාත්තා විරයෙක් කියලා.සමහර වෙලාවට පිටිපස්සෙන් එන සයිකල් අපිව පහුකරනකොට අපි තාත්තට කෑ ගහනව ඉක්මනට පදින්න කියලා.එදා අපිට ඒක තරගයක් වගේ පෙනුනට තාත්තා ගියේ එයා යන වේගෙටමයි.
අපේ ගම් පලාතෙ වෙල් වතු ගොඩකට වතුර දෙන්නෙ ගල් ඔය ගග.සමුපේ ‍ෆිල්ඩ් එක ලගින් ගගේ පොඩි අතු කැල්ලක් තියෙනව.අපි ‍ෆිල්ඩ් 1ට යන්න ගොඩක් ආස කරෙත්  ඔය ඇළ නිසායි.ෆීල්ඩ් එකට යත්දි අපි ගියේ ස්කොලෙ නිල් කලිසම ඇදන්මයි.ස්කොලෙ නිල් කලිසම ඒ කාලෙ ඉතින් අද තියන ඩෙනිම වගේ තමයි.ඒ කලිසම පිටින් ඇලට බැහැල එද්දි වෙන කලිසමක් ඇදන් එනවා.ඇල අයිනෙ තියෙන පේරගස් ටිකට වැඩක් දෙන එකත් අමතක කරන්නෙ නැ.ඇලට බැස්සහම ඉතින් සොමාලියන්කාරයො වගේ තමයි.තාත්තා හවසට ගෙදර යන්න එන්න කියනකන්ම ඇලේ තමයි.අඩුම පැය දෙකහමාරක් වත් ඉතින් ඇලේ තමයි.අම්පාරට සමහර කාලෙකට එන දැඩි නියගය නිසා ඔය ඇල හිදෙනවා.ඇල විතරක් නෙවි ගල් ඔය ගගත් පත්ලටම ඒ කියන්නෙ වැලි පැදෙනකන්ම හිදෙනවා.එහෙම කාල වලට තාත්තා එක්ක සයිකලෙ පැදන් එන මගට තියෙන පාලම් 2 දැක්කාහම හිතට දුකක් එනවා.ඇයි පාලමේ උඩින් බැලුවම ගගේ වතුර නැනෙ.
කොහොමත් ඔය ගමන ගිහින් එනකොට හවස 6 විතර වෙනවා.ඒ එනකොට තාත්තා ගාමන්ට් හංදියෙ තියෙන තේ කඩේ ගාව නවත්වන්නෙ බුලත් විටක් ගන්න.එතකොට ඉතින් මටයි අයියටයි බඩගිනි හැදෙනව නිකන්ම.පොඩ්ඩක් කෙදිරි ගැවම තාත්තා අපි දෙන්නට කිබුලා බනිස්(අද මෙම බනිස් වර්ගය වියන් රොල් ලෙස හදුන්වයි.) 2ක් අරන් දෙනවා.ඒ වෙලාවට තාත්තා දන්නව මට හොර තිබහක් හැදෙන බව.කිබුලා බනිස් 2 කාලා ඉවරවෙද්දි නෙක්ටො 1ක් ඉතින් අනිවර්යයි.ඕක බොත්දි හැමදාම අයියා හොර කලා.
ජිවිතේ කියන්නෙ පුංචි සිදුවිම් ගොඩක එකතුවක්.එකෙත් ලස්සනම කතා තියෙන්නෙ ළමා කලේ.ජිවිතේ ඒ වගෙ කාලයක් අයිත් එනවනම් කොච්චරනම් හොදද?
තව ලස්සන කතා ගොඩක් තියෙනව කියවන අය ඉන්නවනම්  පසුව ලියන්නම්.....

8 සිතැඟි:

Raj said...

සහෝ අපේ පුංචී කාලේ මාර සුන්දරයි නේද බං...හැබැ අදකාලේ පුංචී එවුන්ට අරවගේ සුන්දර ලමාකාලයක් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්...
උඹ ඔහොම ලියනකොට ගංගොඩේ දුව පැනපුහැටි සිහිවෙනව බං

දිල් said...

මතක කියන එක අපේ ජීවිත වලට මොන තරම් බැඳිලද...කාලය කොයි තරම් වේගයෙන් ගියත්...ඒ තරම්ම වේගයෙන් මතකත් මගේ හදවතෙ කොනක රැඳෙනවා...දවසක ඇස් දෙක තෙත් කරලා අපිට මතක් කරලා දෙන්න...මෙන්න මේ තමයි අපේ ගෙවුන ජීවිතේ කියලා....

බිගුසර said...

අනේ මන්දා.......ජිවිතේ මට නම් පුදුම විදියට කලකිරිල තියෙන්නෙ.....

සයුරි said...

කොච්චර සුන්දරද.....මගේ පොඩි කාලෙත් මතක උනා...

දිල් said...

ජීවිතයේ දුෂ්කර කාලයක් උදා උනාම ජීවිතය ගැන හිතන්න වෙලාව මදි වෙනවා.ඒ වගේ අමාරු කාල දරාගන්න හදවතට තියෙන ශක්තිය උඩ ජීවිතයේ ජයග්‍රහණය වගේම පරාදයත් රැඳිලා තියෙනවා කියලා මම අහලා තියෙනවා….ජීවිතයේ පරාජය පෙනී පෙනී ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තියන මිනිස්සු තුල ගල් කඳු පවා බිමට සමතලා කරන්න පුළුවන් ආත්ම ශක්තියක් තියෙනවා…. මමත් ඒක අත්විඳලා තියෙනවා…….


එක කාලෙකදී අපි නොහිතන වෙලාවක අපේ ජීවිත පල්ලම් බහින්න ගන්නෙ තියෙන සේරම දේවල් කඩාගෙන බිඳගෙන.... ඒ වගේ කාලෙකදී ජීවිතේ බොර වෙන්නේ මහා ගඟක් වගේ... හැබැයි ඒ වගේ වෙලාවක හොඳට හිතලා බලලා එක හුස්මක් හරියට ගත්තොත්.....ජීවිතේ බොර උන මුල... මැද ... අග හැමදෙයක්ම හරියට පාදා ගන්න පුළුවන්....


ජීවිතයට සාධාරණය කියන දේ නිකම්ම නිකම් ලැබෙන දෙයක් නෙමේ…. අපිට තරම් අපේ ජීවිතයට සාධාරණයක් දෙන්න වෙන කාටවත් බෑ....ඒ සාධාරණය ජීවිතයට දෙන්න අපිට අපේ ආත්මශක්තිය ඉස්සරහට අරන් ජීවිතය එක්ක හැප්පෙන්න වෙනවා.... ජීවිතය එපා උන තිත්ත උන කාලෙකදී එක පාරක් ආත්ම ශක්තිය අරන් බැලුවොත් …..හිතේ තියෙන ආත්ම ශක්තිය දැකලා කරදර උනත් වෙව්ලන්න පුළුවන්...


අවාසනාව….අසාර්ථකබව….කළකිරීම..වේදනාව…… මේ කිසිම දෙයකට මිනිහෙක්ගේ ආත්මශක්තිය හොල්ලන්න පුළුවන්ද ? කවදාවත්ම බෑ....

මම මේ කියන කතාව බොරුද ? ටිකක් ගැඹුරින් හිතන්න...ඔයා කලකිරුණු තැන හොයාගෙන එතන ඔයාට වැරදුනේ ඇයි කියලා හිතන්න....ජීවිතේ කලකිරුනා කියලා සතුට ඔයාට ලැබෙන්නෙ නෑ...ඔයා සතුට හොයන්න ඕනේ....

බිගුසර said...

ඔයා කලකිරුණු තැන හොයාගෙන එතන ඔයාට වැරදුනේ ඇයි කියලා හිතන්න...
@ දිල්
මට වැරදුනේ දිල් ජිවිතේ මම නොහිතපු තැනකදි.ජිවිතේ එක් දෙයක් පස්සෙ මම කන්දක් උඩට ආවා.එත් කන්ද උඩදි මම හොයන් ආපු දේ මට නැතිවෙලා ගිහින්.ඇයි කියල හිතන්න තරම් වත් වරදක් මම එයාට කරලා නැ.එත් .......මම දන්නැ ඇයි එයාට මාව එපා උනේ කියලා.කමෙන්ට් එකට ස්තුතියි අක්කේ........මේ වගේ කමෙන්ට් 1කින් විතරයි අද මම සතුටක් ලබන්නේ.....

Raj said...

සහෝ ඒ ආපු පාරේ උඹ ලබපු අත්දැක්කිම් කොච්චර ඇද්ද...අන්න ඒ වයෙන් පාඩම් ඉගෙන ගනින්....එතකොට අනාගතේ ලස්සන වෙවී...මේ වෙලාවෙ මං උඹට කියපුව බන වගේ ඇති නමුත් ඔය කඩතුරාව අයින්වෙලා ගියවෙලාවක උඹට තේරෙයි....සහෝ..ජීවිතේ..නතර වෙලා නැ...ඒ උඹට දැනෙන හැටි...දැන් කන්ද නැගලනේ ඉන්නේ..පොඩියක් හතිඇරපං...උඹට හිමිහිට තෙරුං යයි..හැබැ පරක්කුවෙන්ට එපා...
එහෙම උනොත් උඹ පරාදයි....අපි උඹට පරාදවෙන්ට දෙන්නැ සහෝ....දිගටම ලියපං හිතට එන හැම දේම.....

ඔබ නොදු‍ටු ලොවක්..... said...

කොච්චර සුන්දර අතීතයක්ද...මගේ තාත්තටත් තිබුනේ ‍රැලේ බයික් එකක් ...ඒ අතීතයට සිත ගියා මේ පෝස්ට් එක දැකලා......