Friday, October 21, 2011

ජිවිතේ සුන්දර ද මෙතරම්.............


Share/Save/Bookmark
ඕනම මනුස්සයෙකුට ළමා කාලය කියන්නෙ ඉමිහිරි මතකයක්.ඉතින් ළමා කාලේ ගැන මට  තියෙන්න මතකය ටිකක් අවදි කරන්න හිතුනා.
ඔය කියන කාලෙ මම අම්පාර මහ විදුහලක 2..3..වසරෙ හිටියෙ.එතකොට තාත්තා අම්පාර සමුපකාරෙට අයිති උක් ‍ෆිල්ඩ් 1 ක් බාරව උන්නා.ඒ කාලේ මායි අයියයි ස්කෝලෙ ඇරිලා එන බොහෝ වෙලාවට තාත්තා දවල් කැමට ගෙදර ඇවිත් හිටියා.ඒ වගේ දවස් වල මායි අයියයි තාත්තා එක්ක ‍ෆිල්ඩ් එකට යන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ.තාත්තා එත් අපිව එක්කන් යන්න වැඩිය කැමති නැ.මොකද ‍ෆිල්ඩ් එක නයි පොලොන් විමානෙ නිසා.කොහොම නමුත් තාත්තා සතියට දෙපාරක් තුන් පාරක් අපිව ෆීල්ඩ් 1ට ගෙනියනවා.
තාත්තට මම දන්න කාලෙ ඉදන් තිබුනෙ ‍රැලේ වර්ගේ පුට් සයිකල් 1ක්.ඔය සයිකලේ නැගල යන එකටත් අයියයි මායි පොරේ.අයියා හැමදාම ලැගිජ් එකේ යන්න ආස කරා.මාව ලැගිජ් එකෙ ගෙනියන්න තාත්තත් කැමත්තක් දැක්කුවේ නැ.මොකද මම පොඩි එකා නිසා.තාත්තා අපි දෙන්නවත් දාගෙන ෆීල්ඩ් එකට යන ගමනේ තිබුන සතුට මට අදටත් මතකයි.අද අපි කොච්චර විනෝද ගමන් ගියත් ඒ සතුට පරද්දන්න බැ.බ්‍රවුන් හංදියෙන් හැරිලා හිගුරාන පාරට දාලා මුලින්ම හම්බෙන පාලම් 2 පහු කරනකන් අපිට මට ඉවසුමක් නැ.ඒ පාරෙ යන තවත් පුට් සයිකල් පහුකරන් තාත්තා ඉස්සරහට යනකොට මට දැනුනෙ තාත්තා විරයෙක් කියලා.සමහර වෙලාවට පිටිපස්සෙන් එන සයිකල් අපිව පහුකරනකොට අපි තාත්තට කෑ ගහනව ඉක්මනට පදින්න කියලා.එදා අපිට ඒක තරගයක් වගේ පෙනුනට තාත්තා ගියේ එයා යන වේගෙටමයි.
අපේ ගම් පලාතෙ වෙල් වතු ගොඩකට වතුර දෙන්නෙ ගල් ඔය ගග.සමුපේ ‍ෆිල්ඩ් එක ලගින් ගගේ පොඩි අතු කැල්ලක් තියෙනව.අපි ‍ෆිල්ඩ් 1ට යන්න ගොඩක් ආස කරෙත්  ඔය ඇළ නිසායි.ෆීල්ඩ් එකට යත්දි අපි ගියේ ස්කොලෙ නිල් කලිසම ඇදන්මයි.ස්කොලෙ නිල් කලිසම ඒ කාලෙ ඉතින් අද තියන ඩෙනිම වගේ තමයි.ඒ කලිසම පිටින් ඇලට බැහැල එද්දි වෙන කලිසමක් ඇදන් එනවා.ඇල අයිනෙ තියෙන පේරගස් ටිකට වැඩක් දෙන එකත් අමතක කරන්නෙ නැ.ඇලට බැස්සහම ඉතින් සොමාලියන්කාරයො වගේ තමයි.තාත්තා හවසට ගෙදර යන්න එන්න කියනකන්ම ඇලේ තමයි.අඩුම පැය දෙකහමාරක් වත් ඉතින් ඇලේ තමයි.අම්පාරට සමහර කාලෙකට එන දැඩි නියගය නිසා ඔය ඇල හිදෙනවා.ඇල විතරක් නෙවි ගල් ඔය ගගත් පත්ලටම ඒ කියන්නෙ වැලි පැදෙනකන්ම හිදෙනවා.එහෙම කාල වලට තාත්තා එක්ක සයිකලෙ පැදන් එන මගට තියෙන පාලම් 2 දැක්කාහම හිතට දුකක් එනවා.ඇයි පාලමේ උඩින් බැලුවම ගගේ වතුර නැනෙ.
කොහොමත් ඔය ගමන ගිහින් එනකොට හවස 6 විතර වෙනවා.ඒ එනකොට තාත්තා ගාමන්ට් හංදියෙ තියෙන තේ කඩේ ගාව නවත්වන්නෙ බුලත් විටක් ගන්න.එතකොට ඉතින් මටයි අයියටයි බඩගිනි හැදෙනව නිකන්ම.පොඩ්ඩක් කෙදිරි ගැවම තාත්තා අපි දෙන්නට කිබුලා බනිස්(අද මෙම බනිස් වර්ගය වියන් රොල් ලෙස හදුන්වයි.) 2ක් අරන් දෙනවා.ඒ වෙලාවට තාත්තා දන්නව මට හොර තිබහක් හැදෙන බව.කිබුලා බනිස් 2 කාලා ඉවරවෙද්දි නෙක්ටො 1ක් ඉතින් අනිවර්යයි.ඕක බොත්දි හැමදාම අයියා හොර කලා.
ජිවිතේ කියන්නෙ පුංචි සිදුවිම් ගොඩක එකතුවක්.එකෙත් ලස්සනම කතා තියෙන්නෙ ළමා කලේ.ජිවිතේ ඒ වගෙ කාලයක් අයිත් එනවනම් කොච්චරනම් හොදද?
තව ලස්සන කතා ගොඩක් තියෙනව කියවන අය ඉන්නවනම්  පසුව ලියන්නම්.....

Tuesday, October 18, 2011

ගුරු දිනයට ඩිස්කෝ නැ‍ටු පාසල.....


Share/Save/Bookmark
ලෝක ගුරු දිනය පසුගිය දවසක මහ ඉහලින් සැමරුවා කාටත් මතක ඇති.ඔන්න ඔය දවස් දෙක තුනේ මාත් පොඩි නිවඩුවක් දාල ගෙවල් පැත්තේ (අම්පාරේ) රවුමක් ගැහුවා.අපේ ගෙවල් ලගම ටිකක් ප්‍රසිද්ධ මහ විදුහලක අපුරු ගුරු දින සැමරුමක් දකින්න පුලුවන් උනා.හරියටම ඔය කියන දවසේ (ඔක්:05) මම උදේ පාන්දර ඔය කියන විදුහල ලගින් වැ‍ටුන පාරේ පොඩි ගමනක් යන්න ගියා...කොහොම හරි පාසල්  භුමිය ඇතුලේ පොඩි ස්ටේජ්  එකක් ගහල විදුහල්පතිතුමයි පාසලේ ගුරු මණ්ඩලයයි උඩ තියන් කව්දො සිසුවියක් ගුරු දිනය ගැන වර්නණාවක. ඔන්න ඔය අතරතුර පාරට අසන්නව තියෙන ගොඩනැගිලි තුන පිටිපස්සේ අපේ අදරණීය පෙම්වතුන් පෙම්වතියන් ජොඩු ගැහිල පෙම් සුව විදිනව..වෙනද වගේ බය වෙන්නදේකුත් නැනෙ.මොකද ඉතින් විදුහල්පතිතුමයි පාසලේ ගුරු මණ්ඩලයයි උපහාර ලබනවනෙ, ඉතින් වෙනද මේ පෙම්වතුන්ට දුස්ටයො වෙච්ච ගුරු මහත්වරුටත් අද උපහරේ නිසා මේ පෙම්වතුන් අමතක වෙලා වෙන්න ඇති කියල මට හිතුනා.
මේ මාතෘකාව මගේ හිතට වැදුන නිසා ඔය පාසලේ ඉගෙන ගන්න කොල්ලො කෙල්ලො ටිකක් අල්ලගෙන මම ගුරු දින වැඩ සටහන ගැන තොරතුරු ටිකක් හෙව්වා.ඔන්න එක සිසුවියක් කියනව  අද ස්කොලේ ෆන්ලු.කොල්ලො ඩෙස් වලට ගගහ සින්දු කීවාලු කෙල්ලො නැ‍ටුවලු.ඉතින් මම ඇහුවා ගුරුවරු බැන්නෙ නැද්ද කියලා.මොන අර .......සර් අපිවත් ඇදල දැම්මා නටන්න කියලා.ඇයි අද ස්කොලෙත් ජස්ටින් බිබර් ගේ සිංදු දාල තිබුනා.ඔය කතාව ඇහුවම මාව කරකවල අතහැරියා වගේ උනා.අනේ මෙහෙමත් ගුරු උපහාර.අප පාසල් පද්ධතියෙන් ශිෂයන් විදියට ඉවත් වී අවුරුදු දෙක තුනට මේ වගේ විපරීත සිදුවි ඇත්නම් ඉදිරියට මින් එහා ගිය බොහෝ දේ පාසල් පද්ධතියෙන් අපට දකින්න ලැබෙනු ඇත.මන්ද අප මීට වඩා ප්‍රමිතියෙන් යුතු බොහෝ දේ ගුරු දිනයන් වෙනුවෙන් එදා සංවිධනය කලහ. මිට වගකිය යුතුවන්නෙ කවුරුන්ද?ශිෂයන්ද...එසේ නොමැති නම් ඔවුන්ට මග පෙන්වන ගුරුවරුන්ද.....නොමැතිනම් මෙවනි ප්‍රථමික වැඩසටහන් ක්‍රියාත්මක කරන විදුහල්පතිවරුන්ද..නොමැතිනම් ලෝක ගුරු දිනය වැනි වැදගත් දිනයන්ට නිසි ප්‍රමිතියකින් යුතු වැඩසටහන් චක්‍රලේඛන ගත කර එවනි වැඩසටහන් අධය්‍යණය නොකරන වගකියයුතු බලධාරින්ද...මෙය බ්ලොග් පි‍ටු අතර සිරවිය යුතු සිතුවිල්ලක් පමණක් නොවනු ඇතැයි මට සිතේ.

Tuesday, September 27, 2011

දයාබර කුමරියේ...............


Share/Save/Bookmark
වෙනද මම ගොඩක් සතුටින් ඉදපු දවසක අද මම ගොඩක් දුකින් ඉන්නේ.අනේ මම වෙනද නුබට සුබ පතන්න ඇගිලි ගැන්නා.වෙනද මම සුභ පැතුවම මගේ පුංචි කුමාරි සතුටින් හිනාඋන  හැටි මට තමත් මතකයි. එත් මම අද ගොලුවෙලා.නැහැ අත්තටම ගොලු කරල.....මගෙ පුංචි කුමරිගෙ උපන්දිනේ වෙනුවෙන් සුබ පතන්නවත් මට අයිතියක් නැ....ඇත්තටම ඔයගේ අම්මයි තාත්තයි ජිවිතේ 1 දවසක් හරි අදරේ කරපු මිනිස්සු උනානම් අපේ ආදරේ වෙනුවෙන් මෙහෙම උත්තරයක් කවදාවත් ලැබෙන 1ක් නැ.
ඇත්තටම මට ඔය ඇස් දෙක තව එක පාරක් බලගන්න පුලුවන්නම්.
මගේම ආදරේ ඉස්සරහ මම අද  හිගන්නෙක් වෙලා......එත් කවදවත් අදරේ හිගාකන්න වෙවි කියල මම හිතුවෙ නැ
මේ ලොකේ කවුරු විරුද්ධ උනත් මම මගේ පුංචි කුමාරිට ආදරේ කරන 1 නවත්වන්නෙ නැ.එත් ඒ ආදරේ වෙනුවෙන් මට කිසිම දෙයක් ලැබෙන 1ක් නැ.වැඩිම දුක විතරක් ලැබෙයි.කමක් නැ නුබ වෙනුවෙන් මම ඒ දුකත් උහුලනව.
නුබ වෙනුවෙන් මෙච්චර දේවල් කරපු මට ඔය දේ මහ දෙයක් නෙවි.....
එත් මම ආදරේ වෙනුවෙන් බලාපොරොත්තු උනේ මේ මහ දුක නෙවි.....
අද නුබේ උපන්දිනෙ දවසෙ අඩුම මාව නුබට මතක්වත් වෙයි කියල හිතන්න බැ.අද නුබේ ලග බොහොමයක් සුබපැතුම් එක්වන විට නුබ වෙනුවෙන් ජිවත්වෙන මා අන්තර්ජලයේ හිස් අහසට නුබ වෙනුවෙන් සුභ පැතුම් එක්කරනවා

දයාබර කුමරියේ නුබට සුබම සුබ උපන්දිනයක්..................(2011.09.23)

Tuesday, August 23, 2011


Share/Save/Bookmark

Monday, August 22, 2011

නුඹම විය..............


Share/Save/Bookmark
පද පෙළක් නැති
කවිය
නුඹම විය...............