Saturday, May 8, 2010

නුඹ...................


Share/Save/Bookmark
සද නුඹයි
නිල් අහස් කුස පෑයු...
රළ නුඹයි
නිල් සයුර මත ගැලු...
මල නුඹයි
හද පුදසුන මත පිදු...
හිත නුඹයි
මගේ අහිංසක හිත පෑරු...

දුක් කාසි.........


Share/Save/Bookmark
වැටුණු දහඩිය
දනී ඇති වෙහෙස
දිනක් නිමකර
රැය ගෙවෙන විට
හඩයි දරුවන්
බඩගිනියි කියලා
පාන් ගෙඩියේ
සුවද ආ විට
නැගෙයි කදුලක්
බත් පිඩක් නැති නිසා
මක් කරන්නද.....
හිතේ දුක ඇත
කාසි නැත මට

Saturday, April 10, 2010

ජිවිතය කියාදුන් ඇස් දෙකට.......


Share/Save/Bookmark
පාට වළාකුලු අහසේ
රූප රටා මතු කරාට
මොහොතින් බොද වි ගිය හැටි
මට අමතක නෑ
ඔබත් මමත් වෙන් වුණාට
කදුළැලි නෙත දැවටුණාට
මම සිතන්නෙ ඔබේ සිතට
මම අමතක නෑ

ජිවිතය යනු අපිළිවෙළ කථාවක් නොවේ............


Share/Save/Bookmark
ජිවිතයට සතුට වුවමණායි.

ඒත් අපට නොලැබෙන්නෙත් එයමයි.
සෑම විටම හිනාවෙනවාට වඩා හැඩු වාර අනන්තයි.
සැනසුනාට වඩා දුක් වු වාර අනන්තයි.
ඉතිං හැඩුම අපට උරුමයි,දුක අපට උරුමයි හිතා සැනසෙන්න.
නමුත් විශ්වාස කරන්න ජිවිතය යනු අපිළිවෙළ කථාවක් නොවේ............

Thursday, March 25, 2010

අම්මා...


Share/Save/Bookmark
පිපි කුසුමට
සුවද බෙදන
මියුරු සුවද
අම්මා...
උදා හිරෙන්
‍‍ලොවට වඩින
ළහිරු මඩල
අම්මා...
ඝන දුරු රැ
ආකාසේ
එළි‍ය කරන
අම්මා...
මතු දින‍යක
බුදු බව ලැබ
දහම් දෙසනු
අම්මා...