Tuesday, September 27, 2011

දයාබර කුමරියේ...............


Share/Save/Bookmark
වෙනද මම ගොඩක් සතුටින් ඉදපු දවසක අද මම ගොඩක් දුකින් ඉන්නේ.අනේ මම වෙනද නුබට සුබ පතන්න ඇගිලි ගැන්නා.වෙනද මම සුභ පැතුවම මගේ පුංචි කුමාරි සතුටින් හිනාඋන  හැටි මට තමත් මතකයි. එත් මම අද ගොලුවෙලා.නැහැ අත්තටම ගොලු කරල.....මගෙ පුංචි කුමරිගෙ උපන්දිනේ වෙනුවෙන් සුබ පතන්නවත් මට අයිතියක් නැ....ඇත්තටම ඔයගේ අම්මයි තාත්තයි ජිවිතේ 1 දවසක් හරි අදරේ කරපු මිනිස්සු උනානම් අපේ ආදරේ වෙනුවෙන් මෙහෙම උත්තරයක් කවදාවත් ලැබෙන 1ක් නැ.
ඇත්තටම මට ඔය ඇස් දෙක තව එක පාරක් බලගන්න පුලුවන්නම්.
මගේම ආදරේ ඉස්සරහ මම අද  හිගන්නෙක් වෙලා......එත් කවදවත් අදරේ හිගාකන්න වෙවි කියල මම හිතුවෙ නැ
මේ ලොකේ කවුරු විරුද්ධ උනත් මම මගේ පුංචි කුමාරිට ආදරේ කරන 1 නවත්වන්නෙ නැ.එත් ඒ ආදරේ වෙනුවෙන් මට කිසිම දෙයක් ලැබෙන 1ක් නැ.වැඩිම දුක විතරක් ලැබෙයි.කමක් නැ නුබ වෙනුවෙන් මම ඒ දුකත් උහුලනව.
නුබ වෙනුවෙන් මෙච්චර දේවල් කරපු මට ඔය දේ මහ දෙයක් නෙවි.....
එත් මම ආදරේ වෙනුවෙන් බලාපොරොත්තු උනේ මේ මහ දුක නෙවි.....
අද නුබේ උපන්දිනෙ දවසෙ අඩුම මාව නුබට මතක්වත් වෙයි කියල හිතන්න බැ.අද නුබේ ලග බොහොමයක් සුබපැතුම් එක්වන විට නුබ වෙනුවෙන් ජිවත්වෙන මා අන්තර්ජලයේ හිස් අහසට නුබ වෙනුවෙන් සුභ පැතුම් එක්කරනවා

දයාබර කුමරියේ නුබට සුබම සුබ උපන්දිනයක්..................(2011.09.23)

Tuesday, August 23, 2011


Share/Save/Bookmark

Monday, August 22, 2011

නුඹම විය..............


Share/Save/Bookmark
පද පෙළක් නැති
කවිය
නුඹම විය...............

Thursday, August 11, 2011

කතරට ගිය අයියණ්ඩි


Share/Save/Bookmark
සිව් අවුරුදකට කලින්
ගියා තමයි නුඹ කතරට
එත් මෙහෙම වෙයි කියල
හිතුවෙ නැ අපි

නුඹ එනදා යළි ආපිට
හනි හනිකට ලැස්තිවි
ගියා අපිත් කොලොම්තොටට
නුඹ පිළිගන්නට

එත් අයියෙ නුඹ ආවේ
අපෙන් ගියා වගේ නෙවේ
අතරමංය ඒ ගතිගුණ
වලිකතරේ දැන්

වෙනදා අම්මෙ තාත්තෙ කිය
ගෙදරින් යන විට වැද ගිය
අයියා නොවේ යළි අවේ
අවේ වෙන කෙනෙක්

පුර පෝයට පන්සල් ගිය
අයියා යන්නෙ සැණකෙලියට
අනේ වෙච්ච වින්නැහියක්
කවුද වග කියන්නෙ

සාර ධර්ම අමතක කර
කාසි පනම් පොදි බැදගෙන
නුඹ ගියෙ ඒ දුර කතරට
මෙය කර ගන්නද?

Wednesday, July 20, 2011

නුඹවෙනුවෙන් ජිවත්වෙන්න....


Share/Save/Bookmark

ඇයි ඔබ මා හැර යන්නේ,මට අවැසි නුඹයි.....මා ආදරය කලේ නුඹටයි.....මා අයිතිද නුඹටයි........එසේනම් ඇයි මෙසේ මේ මා හැර යන්නේ නුඹ.කියන්න එකම එක පාරක් මගේ ඇස් දෙක දිහා බලන් ගිහින් එන්නමි කියල.........ඒ ඇති මට නුඹවෙනුවෙන් ජිවත්වෙන්න....