Wednesday, April 30, 2014

සුළග මට ඉඩදෙන්න


Share/Save/Bookmark
මගේ හඩ රැගෙන ගොස් 
ඇගේ හද සනසන්න 
විරහ දුක අමුණන්න
සුළග මට ඉඩදෙන්න  


කදුළු පිරි දෙනෙතට


Share/Save/Bookmark
නුබේ දෙනෙතග රැදුණු
අහිංසක කදුළු බිදු
සිනිදු කම්මුල් දිගේ
ගලා යනවා දකින්න..
මන් හරි අකමැතියි,

ඒත් ඔය දිලිසෙන 
කදුළු පිරි දෙනෙතට
වෙනදා වගේ තවමත්
මං හරි ආදරෙයි..






Thursday, February 6, 2014

නිමලරාජන්...!


Share/Save/Bookmark


එකම හදවතේ 
එකම රුධිරය
ගලා යවන්නට
රිද්මයන් දෙකකට ගැසුන
කර්ණිකවා හා කෝෂිකාව වූ
උඹ හා මම.



-බිඟුසර-


Saturday, January 4, 2014

මම යනවා විදි කොනින් බුදුන් දකින්නට එලොවට...


Share/Save/Bookmark
නෝනා මහත්තයා එන්න 
ඇවිත් ඕලු මලක් ගන්න
කැළණි යන්න පිං ලබන්න
මගෙන් මලක් ගෙන පුදන්න..


නෝනා මහත්තයා වාගේ
දුලා එකයි පුතුන් දෙකයි
මාත් වදල රජුන් කරා
හරියට මේ මල් වාගේ..

උන්ගේ වැරැද්දෙන්ම නොවේ
මම මහ පාරට වැටුනේ
මගෙ කරුමෙම වෙන්නම ඇති
ඒකයි මම හිනැහෙන්නේ..

නෝනා මහත්තයට වගේ
ලොකු වාහනයක් තිබුනා
බාල එකා එකෙන් විත්
මාව මෙතන තියල ගියා..

උන්ගේ මාලිගා නැතිවට
මහ පාරත් සැපතකි මට
මගෙන් මලක් ගෙන පුදන්න
කාසි එපා පිං ඇති මට..

කැළණි විහාරෙන් ඇහෙනා
බණ පදයක් අහන් දිනක
මම යනවා විදි කොනින්
බුදුන් දකින්නට එලොවට...



Tuesday, November 26, 2013

නිමි ඇදුම් වල ගුණාත්මක භාවය රැකගන්න... ඔබ දැනුවත්ද?


Share/Save/Bookmark
ඔබ මිලදී ගන්නා නිමි ඇදුම් වල ගුණාත්මක බවය ආරක්ෂාකරගන්නා ආකාරය පිළිබද බොහෝ දෙනා දැනුවත් නැත.
ඔබ අධික මුදලක් ගෙවා හෝ ඔබට තිළිණයක් ලෙස ලැබුණු ඇදුමක් සේදුවිට එහි වර්ණ ඉවත්ව ගොස් තිබෙන්නට පුළුවන්.... තවද සමහරක් ඇදුම් ඉස්තිරික්ක ආධාරයෙන් මැදීමේදී එම ඇදුමට හානි වීමට පුළුවන. ඔබ දන්නවාද එය සිදුවන්නේ ඔබේ වරදින් බව.
                     

                                           ඔබ මිලදී ගන්නා බොහෝ මිල ඇදුම් වල ඉහත ආකරයේ ලේබලයක් ඇති බවට ඔබ දැක ඇති. සමහරක් විට ඔබ කිසිදිනක ඒ ගැන පරික්ෂාවෙන් නොබලා ඇති. එහි ඇති සලකුණු ගැන ඔබ දැනුවත් වී නොමැති නම් ඔබට මෙතනින් ඒ ගැන දැනීමක් ලබාගත හැක.
එම සලකුණු පිළිබද ඔබ දැනුවත් නම් ඔබ මිලදී ගත් ඇදුම් ඔබට ඉතා හොදින් දිගු කාලයක් රැකගැනීමට පුළුවන්.