Friday, October 25, 2013

mis call 1ක්...


Share/Save/Bookmark
ඒක mis call 1ක්...
 මම ගත්තා අනිත් පැත්තට.

ෂා...ලස්සන කටහඩක්.
අපි ටිකක් කතාකරමු..
ඔව්
ඔයා මල්ලියෙක් නේ...
අක්කා මොනවද කරන්නේ...
මල්ලි මොකද උප්පැන්න හොයන්නේ...
සමාවෙන්න..
අපි meet වෙමුද...
හා.....
....................................
අපි යමු මල්ලි අපිට තනි වෙන්න පුළුවන් තැනකට
කොහෙටද...
අපි දෙන්නට තනියම ඉන්න...
ඔයාගේ පලවෙනි වතාවද මල්ලි..
ඔව්..
මගෙත්....
.......................................
මම ඔයාට අදරෙයි...
පිස්සුද මල්ලි....
මට ඔයාව අමතක කරන්න බැ..
මේ මොන මලවිකාරයක් ද
.............................
ඔබ ඇමතු දුරකතයෙන් ප්‍රතිචාරයක් නැත..

Sunday, October 20, 2013

බාර් වසා ඇත සහ මැනාගේ මීටරය


Share/Save/Bookmark
මම වැඩ කරන තැන මැනේජර්  එහෙම නැත්නම් අපේ මැනාට තියෙන්නෙත් මාර මිටරයක්.මනමාලයා උනාට හැබැයි ටිකක් කුකුල් කෙන්තිකාරයා.මැනාට ඇල්කොහොල් ඇලජික්.කොච්චර ඇලජික්ද කියනවනම් අරක්කු එක්ක තියෙන තරහටයි බොන්නේ.තරුණ කාලේ පෙම් පලහිලව්වක් ඉවර උනායින් පස්සේ ඉදන් ඇති උන තරහක් කියලයි අරංචිය.මැනා ගාව වෙලාවකට තියෙන්නෙ පුදුම අයිඩියාස් තමයි....මිනිහා මේ ලගදි දවසක මට කියනව මිනිහා ගාව තියෙනවලු බිල් ගේඩ්ස් පරද්දන්න පුලුවන් අයිඩියා 1ක්....අපේ මේ බිස්නස් එකෙන් පස්සෙ පොඩි කුඩු බිස්නස් එකකුත් මිනිහට තියෙන නිසා මම මුලින්ම මීටර්කලේ ඒක ගැනවත්ද කියල. කොහොම හරි ඉතින් අපේ මැනා කෝටිපතියෙක් උනා කියන්නෙ අපිටත් වාසියක් තියෙන හින්දා මමත් මිනිහට උවමනාවෙන් කන්දුන්නා
මැනා කියනවා මිනිහට තියෙනවලු අයිඩියා 1ක් ඇල්කොහොල් මීටරයක් හදන්න.
වැඩේ අවුල් වගේ උනාට ඇල්කොහොල් කියන වචනෙ තියෙන තැන් අහන්න දකින්න තියෙන අශාව නිසා තවත් මම කතාව පැත්තට බර උනා.
මිනිහගෙ අයිඩියා එක මම ඒ වචන වලින්ම පොස්ට් කරන්නම්කො.........
බිගු මම හිතන් ඉන්නෙ ඇල්කොහොල් මීටරයක් හදන්න.ඒ කියන්නෙ ඒ මීටර් එක පටියක් ආධාරයෙන් අතේ බැදගන්න තියෙන්නෙ.හරියට ඔරලොසුව වගේ.මීටරයෙන් ඇගට ඇල්කොහොල් උත්තේජනය කරනවා.හැබැයි බ්ගුවො ලෙවල් එකට.ඒ කියන්නෙ කම්මැලි හිතුන වෙලාවට ඇල්කොහොල් ලෙවල් එක වැඩි කරගන්නවා.ගෙදර යන වෙලාවට ගැනිගෙන් බෙරෙන්න ඕන නිසා ලෙවල් එක අඩු කරගන්නවා.එතකොට බන් මිනිස්සු බේබද්දො වගේ පාරවල් ගානෙ වැටෙන එකක් නැ.මොකද වෙරි වැඩි වෙද්දි මීටරෙන් ආග්‍රණය කරගන්න පුලුවන් වෙන්න ලෙවල් එකකුත් හදනවනේ.
මීටරේ හදල ඉවර වෙලා මම සාධාරන ගානකට මාකට් එකට දානවා.අහ් පේටන් එකත් ගන්නවා.අනිවා ඕක ඉතින් අද කාලෙ හැටියට ලොකු පොඩි හැම එකාටම මේ ලොකෙ ඕනැ වෙන එකක් වෙනවනෙ බන්.බිල් අයියව පරද්දන එක ගේමක් නැනෙ............කතාව නම් ඔච්චරයි..............
ඉතින් කල්පනා කරල බැලුවම කතාවත් ඇත්ත.මීටරේ වැඩේ හරි ගියොත් ජගත් තැබැරුම්කරුවන්ගෙ සංවිධානය මුලින්ම ගේම අදිනවා.ඇයි දෙයියනේ මැෂින් එක තියන් මොන මගුලකටද බාර් ගානෙ රිංගන්නේ.ඒ විතරක් නෙවි චයිනිස් හට්,බයිට් හදන සුලු ව්‍යාපාර,සොඩා කොම්පැනි,කොලා කොම්පැනි උනත් විරුද්ද වෙන එක සාධාරනයි.
අපි එක හිතින් ප්‍රර්ථනා කරනාව මැනාගෙ මේ වැඩේ සර්ථක වෙන්න කියලා..මම ඉතින් බේබද්දෙක් නොව්නත් නව නිර්මානයක් විදියට මුලින්ම අත් හාදා බලන්න තිරණය කරල ඉවරයි.
අහ්...කතාව ඉවර කරන්න කලින් කියන්න ඕන අපේ මැනාට තියෙනව කිවා නේද කුඩු බිස්නස් එකක්.ඒක මේ තුනපහ කුඩු බිස්නස් එකක්...
ඉතින් කියවන ඔයාලටත් මේ ඇල්කොහොල් මීටරේ ගැන අයිඩියා 1ක් තියෙනවානම් කොමෙන්ට් 1ක් දාන්න අමතක කරන්න එපා.

Thursday, February 21, 2013

පව් කරන්න ඇති....


Share/Save/Bookmark

පුංචි කමටම නොවේ
නුබට ඕන වුනේ මගේ හිත රිද්දන්න
රිද්ද රිද්ද හිනා වෙන්න,
සතු‍ටු වෙන්න පුලුවන්ද
මා දැවෙන  හිත දිහා බලාන
මා ගැන හැගිමක්,ආදරයක් නැති
නුබ වගේ හිතකට
මම ආත්ම ගනනක් පව් කරන්න ඇති
මේ විදියට විදවන්න..
මට ඕන කරන්නෙත් එච්චරයි
කරපු සෙරම පව් ගෙවලා
විදවලා විදවලා මැරිලා යන්න...

Thursday, May 24, 2012

යුද්ධය ආදරය මිත්‍රත්වය (Flyboys)


Share/Save/Bookmark

චිත්‍රපට බලන්න ආස අයට චිත්‍රපට බැලීම ඇබ්බැහි කරවන චිත්‍රපටයක් ගැන කියන්නයි මම හදන්න්නේ..චිත්‍රපටයේ නම ෆ්ලයි බොයි.චිත්‍රපටය හදලා නිකුත්කරල තියෙන්නේ 2006 වර්ෂයේදි.චිත්‍රපටයේ කතා තේමාව හරි සරලයි.ඇමරිකානු ගුවන්භට පිරිසක් පළමු ලෝක යුද සමයේදි ජර්මානු හමුදාවට පහර දිම සදහා ප්‍රංශ හමුදාව හා එක්වෙයි.ඔවුන් ගුවන් නියමුවන් පිරිසක්.යුද්ධය අතරේ එකිනෙකා ගේ ජිවිත වල ගලා යන අතරතුර එක් සෙබලෙක් ප්‍රංශ යුවතියක් හා ආදරයෙන් බැදෙයි.යුද්ධය,පශ්චාත් යුද සමය හා ඔහුන්ගේ ආදර කතාව පිලිබදව චිත්‍රපටයෙ කතාව තුලින් ගෙන හැර දක්වයි.
චිත්‍රපටය දෙස සරලව බැලු කෙනෙකුට එය එසේ වුවත් මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන ටොනි බිල් මෙම චිත්‍රපටය හරහා ඊට එහා ගිය දෙයක් ගෙන හැර දක්වන්නට උත්සහ කර ඇත.කළු සුදු වර්ණ භේද වාදය යුද්ධයක් තුල පැන නැගීම,ආදරය,දයාව,අනුකම්පාව ආදි මානුෂිය හැගිම් යුද්ධය තුලින් ගළා යැම.මිත්‍රත්වය,සටන්කාමිත්වය,අරමුණ,හැගීම් යටපත් කිරීම ආදි පැති කිහිපයක් ගැන අධ්‍යක්ෂකවරයා වක්‍රව කතාකරයි.චිත්‍රපටය ඔබටම රස විදින්න ඉඩ සලස්වලා ඔබගේ චිත්‍රපට බැලීම ඇබ්බැහිවිම වැඩි කරන්න ඕන නිසා මම චිත්‍රපටය ගැන සටහන් කිරිම අඩු කරා....
කියන්න අමතක වුනා මේක පලමු ලෝක යුද සමයේ සිදුවු සත්‍ය කතාවක් තේමා කරගෙන නිපදවලා තියෙන්නේ.
Fly boys.......... ඇත්තටම  චිත්‍රපට බැලීම ඇබ්බැහි කරවන Unforgettable  සිනමා උත්පේරකයක්.........
චිත්‍රපටය ගැන වැඩිදුර........

Monday, April 9, 2012

බම්බු ගැසීම...


Share/Save/Bookmark
බම්බු ගහගනින්, බම්බුව තමයි කියන වචන ඔබ බොහෝ විට එදිනෙදා භාවිතා කරනව ඇති.ඉතිං මොකක්ද මේ බම්බුව කියන්නේ,බම්බුව කොහොමද සිංහල ජන වහරට ආවේ කියල බලමු.
ඉතින් ලෙඩ වෙන එක ඕන කෙනෙකුට වෙන දෙයක්නේ.බාල,මහලු,ගැහැණු,පිරිමි ඔය කොයි කවුරුත් ඉතින් ලෙඩ වෙනව.ඉතින් මනුස්සයන්ට වගේම සතා සිව්පාවුන්ටත් ලෙඩ රෝග කියන්නේ පොදු දෙයක්.ඉතින් ඔය කාට උනත් ලෙඩක් වේදනාවක් ආවම යන්නේ ඉතින් ගමේ වෙද ගෙදරට.අද වගේ නොවෙයි එදා අපිට තිබුන ස්වයංපොෂි ආර්ථිකයක් නේ.ඉතින් හැම ගෙදරකම වස්සෙක්,එළ දෙනක් වැරදුනේ නැ.
එදා අපේ ගමේ උදවියට ගෙදර දරු මල්ලෝ ලෙඩ උනා වගේ තමයි ගෙදර ඉන්න හරකා බාන ලෙඩ උනාම.ගෙදර ඉන්න වස්සා,එලදෙන,වසු පැටියා ලෙඩ උනාමත් ඉතින් බෙහෙතක් කරගන්න වෙද ගෙදරට යන්න අමතක කරේ නැ.ඔන්න ඔය ගියහම වෙද ගෙදර ඉන්න වෙද මහත්තයට හරි වෙද හාමිනෙට හරි තියෙන අමාරුම දේ තමයි මේ අසනීප උන සතාට බෙහෙත් ගුලියක් ගිල්ලවන එක.ඉතින් මේ අසනීප උන සතාට බෙහෙත් ගුලිය ගිල්ලවන්න එදා වෙද ගෙදර අපුරු උපක්‍රමයක් භාවිතා කරා.ඔන්න අඩි 5ක් 6ක් දිග උණ බටයක් අරගෙන ඔය බටේ ඇතුලේ තියෙන පුරුක් කඩලා බටයක් හදාගෙන ඔය බටේ සතාගේ කට ඇතුලට දානව.කොච්චර දානවද කිව්වොත් සතාගේ උගුරටම දානවා.ඊට පස්සේ බෙහෙත් ගුලිය අර උණ බටේ ඇතුලෙන් සතාගේ කටට එහෙම නැත්නම් උගුරටම දානවා.ඔන්න ඕකයි එදා වස්සන්ට,එළදෙනුන්ට බෙහෙත් පොවපු විදිය.ඔය ප්‍රතිකර්මේ එදා බම්බු ගැහිම කියලා හැදින්නුවා.වෙද ගෙදරට සතෙක් ගෙනාවම වෙද රාල සතාව පරික්ෂා කරලා කියනව ඔය සතාට බම්බුවක් දෙකක් ගැහුවම හරි කියලා.ඒ කියන්නේ බෙහෙත් වාර ගණන.ඔන්න ඔහොම ආපු බම්බු ගැහිල්ල අද ගොඩ දෙනාගෙ බස් වහරට ආවට ඔය වචනේ භාවිතා කරන ගොඩ අය වචනේ තේරුමනම් දන්නේ නෑ නොව.