
ඔය කියන කාලෙ මම අම්පාර මහ විදුහලක 2..3..වසරෙ හිටියෙ.එතකොට තාත්තා අම්පාර සමුපකාරෙට අයිති උක් ෆිල්ඩ් 1 ක් බාරව උන්නා.ඒ කාලේ මායි අයියයි ස්කෝලෙ ඇරිලා එන බොහෝ වෙලාවට තාත්තා දවල් කැමට ගෙදර ඇවිත් හිටියා.ඒ වගේ දවස් වල මායි අයියයි තාත්තා එක්ක ෆිල්ඩ් එකට යන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ.තාත්තා එත් අපිව එක්කන් යන්න වැඩිය කැමති නැ.මොකද ෆිල්ඩ් එක නයි පොලොන් විමානෙ නිසා.කොහොම නමුත් තාත්තා සතියට දෙපාරක් තුන් පාරක් අපිව ෆීල්ඩ් 1ට ගෙනියනවා.
තාත්තට මම දන්න කාලෙ ඉදන් තිබුනෙ රැලේ වර්ගේ පුට් සයිකල් 1ක්.ඔය සයිකලේ නැගල යන එකටත් අයියයි මායි පොරේ.අයියා හැමදාම ලැගිජ් එකේ යන්න ආස කරා.මාව ලැගිජ් එකෙ ගෙනියන්න තාත්තත් කැමත්තක් දැක්කුවේ නැ.මොකද මම පොඩි එකා නිසා.තාත්තා අපි දෙන්නවත් දාගෙන ෆීල්ඩ් එකට යන ගමනේ තිබුන සතුට මට අදටත් මතකයි.අද අපි කොච්චර විනෝද ගමන් ගියත් ඒ සතුට පරද්දන්න බැ.බ්රවුන් හංදියෙන් හැරිලා හිගුරාන පාරට දාලා මුලින්ම හම්බෙන පාලම් 2 පහු කරනකන් අපිට මට ඉවසුමක් නැ.ඒ පාරෙ යන තවත් පුට් සයිකල් පහුකරන් තාත්තා ඉස්සරහට යනකොට මට දැනුනෙ තාත්තා විරයෙක් කියලා.සමහර වෙලාවට පිටිපස්සෙන් එන සයිකල් අපිව පහුකරනකොට අපි තාත්තට කෑ ගහනව ඉක්මනට පදින්න කියලා.එදා අපිට ඒක තරගයක් වගේ පෙනුනට තාත්තා ගියේ එයා යන වේගෙටමයි.
අපේ ගම් පලාතෙ වෙල් වතු ගොඩකට වතුර දෙන්නෙ ගල් ඔය ගග.සමුපේ ෆිල්ඩ් එක ලගින් ගගේ පොඩි අතු කැල්ලක් තියෙනව.අපි ෆිල්ඩ් 1ට යන්න ගොඩක් ආස කරෙත් ඔය ඇළ නිසායි.ෆීල්ඩ් එකට යත්දි අපි ගියේ ස්කොලෙ නිල් කලිසම ඇදන්මයි.ස්කොලෙ නිල් කලිසම ඒ කාලෙ ඉතින් අද තියන ඩෙනිම වගේ තමයි.ඒ කලිසම පිටින් ඇලට බැහැල එද්දි වෙන කලිසමක් ඇදන් එනවා.ඇල අයිනෙ තියෙන පේරගස් ටිකට වැඩක් දෙන එකත් අමතක කරන්නෙ නැ.ඇලට බැස්සහම ඉතින් සොමාලියන්කාරයො වගේ තමයි.තාත්තා හවසට ගෙදර යන්න එන්න කියනකන්ම ඇලේ තමයි.අඩුම පැය දෙකහමාරක් වත් ඉතින් ඇලේ තමයි.අම්පාරට සමහර කාලෙකට එන දැඩි නියගය නිසා ඔය ඇල හිදෙනවා.ඇල විතරක් නෙවි ගල් ඔය ගගත් පත්ලටම ඒ කියන්නෙ වැලි පැදෙනකන්ම හිදෙනවා.එහෙම කාල වලට තාත්තා එක්ක සයිකලෙ පැදන් එන මගට තියෙන පාලම් 2 දැක්කාහම හිතට දුකක් එනවා.ඇයි පාලමේ උඩින් බැලුවම ගගේ වතුර නැනෙ.
කොහොමත් ඔය ගමන ගිහින් එනකොට හවස 6 විතර වෙනවා.ඒ එනකොට තාත්තා ගාමන්ට් හංදියෙ තියෙන තේ කඩේ ගාව නවත්වන්නෙ බුලත් විටක් ගන්න.එතකොට ඉතින් මටයි අයියටයි බඩගිනි හැදෙනව නිකන්ම.පොඩ්ඩක් කෙදිරි ගැවම තාත්තා අපි දෙන්නට කිබුලා බනිස්(අද මෙම බනිස් වර්ගය වියන් රොල් ලෙස හදුන්වයි.) 2ක් අරන් දෙනවා.ඒ වෙලාවට තාත්තා දන්නව මට හොර තිබහක් හැදෙන බව.කිබුලා බනිස් 2 කාලා ඉවරවෙද්දි නෙක්ටො 1ක් ඉතින් අනිවර්යයි.ඕක බොත්දි හැමදාම අයියා හොර කලා.
ජිවිතේ කියන්නෙ පුංචි සිදුවිම් ගොඩක එකතුවක්.එකෙත් ලස්සනම කතා තියෙන්නෙ ළමා කලේ.ජිවිතේ ඒ වගෙ කාලයක් අයිත් එනවනම් කොච්චරනම් හොදද?
තව ලස්සන කතා ගොඩක් තියෙනව කියවන අය ඉන්නවනම් පසුව ලියන්නම්.....