Wednesday, May 27, 2015

නුබේ සිත වෙනතක ගිහින්. . .


Share/Save/Bookmark
අඩන්නේ කොහොමද ඉතින්
සුදු මැණික නුබ නැ සිතන්
දවයි හදවත පාලුවෙන්
නුබේ සිත වෙනතක ගිහින්

මං මුලා වූ ජිවිතේ මන්
ඇවිද යන විට තනිකමින්
නුබයි ආවේ සොයා ඇවිදින්
නොයන ලෙස යලි පවසමින්

දහස් පැතුමන් සිතේ බිදෙමින්
ඔබ ඇදෙයි පාවී දුරින්
මගේ කදුලැල් නෙතින් පිසමින්
ඉදින්නම් යලි එන සිතින්


___බිඟුසර|2015____

Wednesday, April 30, 2014

සුළග මට ඉඩදෙන්න


Share/Save/Bookmark
මගේ හඩ රැගෙන ගොස් 
ඇගේ හද සනසන්න 
විරහ දුක අමුණන්න
සුළග මට ඉඩදෙන්න  


කදුළු පිරි දෙනෙතට


Share/Save/Bookmark
නුබේ දෙනෙතග රැදුණු
අහිංසක කදුළු බිදු
සිනිදු කම්මුල් දිගේ
ගලා යනවා දකින්න..
මන් හරි අකමැතියි,

ඒත් ඔය දිලිසෙන 
කදුළු පිරි දෙනෙතට
වෙනදා වගේ තවමත්
මං හරි ආදරෙයි..






Thursday, February 6, 2014

නිමලරාජන්...!


Share/Save/Bookmark


එකම හදවතේ 
එකම රුධිරය
ගලා යවන්නට
රිද්මයන් දෙකකට ගැසුන
කර්ණිකවා හා කෝෂිකාව වූ
උඹ හා මම.



-බිඟුසර-


Saturday, January 4, 2014

මම යනවා විදි කොනින් බුදුන් දකින්නට එලොවට...


Share/Save/Bookmark
නෝනා මහත්තයා එන්න 
ඇවිත් ඕලු මලක් ගන්න
කැළණි යන්න පිං ලබන්න
මගෙන් මලක් ගෙන පුදන්න..


නෝනා මහත්තයා වාගේ
දුලා එකයි පුතුන් දෙකයි
මාත් වදල රජුන් කරා
හරියට මේ මල් වාගේ..

උන්ගේ වැරැද්දෙන්ම නොවේ
මම මහ පාරට වැටුනේ
මගෙ කරුමෙම වෙන්නම ඇති
ඒකයි මම හිනැහෙන්නේ..

නෝනා මහත්තයට වගේ
ලොකු වාහනයක් තිබුනා
බාල එකා එකෙන් විත්
මාව මෙතන තියල ගියා..

උන්ගේ මාලිගා නැතිවට
මහ පාරත් සැපතකි මට
මගෙන් මලක් ගෙන පුදන්න
කාසි එපා පිං ඇති මට..

කැළණි විහාරෙන් ඇහෙනා
බණ පදයක් අහන් දිනක
මම යනවා විදි කොනින්
බුදුන් දකින්නට එලොවට...