Saturday, January 4, 2014

මම යනවා විදි කොනින් බුදුන් දකින්නට එලොවට...


Share/Save/Bookmark
නෝනා මහත්තයා එන්න 
ඇවිත් ඕලු මලක් ගන්න
කැළණි යන්න පිං ලබන්න
මගෙන් මලක් ගෙන පුදන්න..


නෝනා මහත්තයා වාගේ
දුලා එකයි පුතුන් දෙකයි
මාත් වදල රජුන් කරා
හරියට මේ මල් වාගේ..

උන්ගේ වැරැද්දෙන්ම නොවේ
මම මහ පාරට වැටුනේ
මගෙ කරුමෙම වෙන්නම ඇති
ඒකයි මම හිනැහෙන්නේ..

නෝනා මහත්තයට වගේ
ලොකු වාහනයක් තිබුනා
බාල එකා එකෙන් විත්
මාව මෙතන තියල ගියා..

උන්ගේ මාලිගා නැතිවට
මහ පාරත් සැපතකි මට
මගෙන් මලක් ගෙන පුදන්න
කාසි එපා පිං ඇති මට..

කැළණි විහාරෙන් ඇහෙනා
බණ පදයක් අහන් දිනක
මම යනවා විදි කොනින්
බුදුන් දකින්නට එලොවට...