Tuesday, November 26, 2013

නිමි ඇදුම් වල ගුණාත්මක භාවය රැකගන්න... ඔබ දැනුවත්ද?


Share/Save/Bookmark
ඔබ මිලදී ගන්නා නිමි ඇදුම් වල ගුණාත්මක බවය ආරක්ෂාකරගන්නා ආකාරය පිළිබද බොහෝ දෙනා දැනුවත් නැත.
ඔබ අධික මුදලක් ගෙවා හෝ ඔබට තිළිණයක් ලෙස ලැබුණු ඇදුමක් සේදුවිට එහි වර්ණ ඉවත්ව ගොස් තිබෙන්නට පුළුවන්.... තවද සමහරක් ඇදුම් ඉස්තිරික්ක ආධාරයෙන් මැදීමේදී එම ඇදුමට හානි වීමට පුළුවන. ඔබ දන්නවාද එය සිදුවන්නේ ඔබේ වරදින් බව.
                     

                                           ඔබ මිලදී ගන්නා බොහෝ මිල ඇදුම් වල ඉහත ආකරයේ ලේබලයක් ඇති බවට ඔබ දැක ඇති. සමහරක් විට ඔබ කිසිදිනක ඒ ගැන පරික්ෂාවෙන් නොබලා ඇති. එහි ඇති සලකුණු ගැන ඔබ දැනුවත් වී නොමැති නම් ඔබට මෙතනින් ඒ ගැන දැනීමක් ලබාගත හැක.
එම සලකුණු පිළිබද ඔබ දැනුවත් නම් ඔබ මිලදී ගත් ඇදුම් ඔබට ඉතා හොදින් දිගු කාලයක් රැකගැනීමට පුළුවන්.