Tuesday, November 26, 2013

නිමි ඇදුම් වල ගුණාත්මක භාවය රැකගන්න... ඔබ දැනුවත්ද?


Share/Save/Bookmark
ඔබ මිලදී ගන්නා නිමි ඇදුම් වල ගුණාත්මක බවය ආරක්ෂාකරගන්නා ආකාරය පිළිබද බොහෝ දෙනා දැනුවත් නැත.
ඔබ අධික මුදලක් ගෙවා හෝ ඔබට තිළිණයක් ලෙස ලැබුණු ඇදුමක් සේදුවිට එහි වර්ණ ඉවත්ව ගොස් තිබෙන්නට පුළුවන්.... තවද සමහරක් ඇදුම් ඉස්තිරික්ක ආධාරයෙන් මැදීමේදී එම ඇදුමට හානි වීමට පුළුවන. ඔබ දන්නවාද එය සිදුවන්නේ ඔබේ වරදින් බව.
                     

                                           ඔබ මිලදී ගන්නා බොහෝ මිල ඇදුම් වල ඉහත ආකරයේ ලේබලයක් ඇති බවට ඔබ දැක ඇති. සමහරක් විට ඔබ කිසිදිනක ඒ ගැන පරික්ෂාවෙන් නොබලා ඇති. එහි ඇති සලකුණු ගැන ඔබ දැනුවත් වී නොමැති නම් ඔබට මෙතනින් ඒ ගැන දැනීමක් ලබාගත හැක.
එම සලකුණු පිළිබද ඔබ දැනුවත් නම් ඔබ මිලදී ගත් ඇදුම් ඔබට ඉතා හොදින් දිගු කාලයක් රැකගැනීමට පුළුවන්.

Friday, October 25, 2013

mis call 1ක්...


Share/Save/Bookmark
ඒක mis call 1ක්...
 මම ගත්තා අනිත් පැත්තට.

ෂා...ලස්සන කටහඩක්.
අපි ටිකක් කතාකරමු..
ඔව්
ඔයා මල්ලියෙක් නේ...
අක්කා මොනවද කරන්නේ...
මල්ලි මොකද උප්පැන්න හොයන්නේ...
සමාවෙන්න..
අපි meet වෙමුද...
හා.....
....................................
අපි යමු මල්ලි අපිට තනි වෙන්න පුළුවන් තැනකට
කොහෙටද...
අපි දෙන්නට තනියම ඉන්න...
ඔයාගේ පලවෙනි වතාවද මල්ලි..
ඔව්..
මගෙත්....
.......................................
මම ඔයාට අදරෙයි...
පිස්සුද මල්ලි....
මට ඔයාව අමතක කරන්න බැ..
මේ මොන මලවිකාරයක් ද
.............................
ඔබ ඇමතු දුරකතයෙන් ප්‍රතිචාරයක් නැත..

Sunday, October 20, 2013

බාර් වසා ඇත සහ මැනාගේ මීටරය


Share/Save/Bookmark
මම වැඩ කරන තැන මැනේජර්  එහෙම නැත්නම් අපේ මැනාට තියෙන්නෙත් මාර මිටරයක්.මනමාලයා උනාට හැබැයි ටිකක් කුකුල් කෙන්තිකාරයා.මැනාට ඇල්කොහොල් ඇලජික්.කොච්චර ඇලජික්ද කියනවනම් අරක්කු එක්ක තියෙන තරහටයි බොන්නේ.තරුණ කාලේ පෙම් පලහිලව්වක් ඉවර උනායින් පස්සේ ඉදන් ඇති උන තරහක් කියලයි අරංචිය.මැනා ගාව වෙලාවකට තියෙන්නෙ පුදුම අයිඩියාස් තමයි....මිනිහා මේ ලගදි දවසක මට කියනව මිනිහා ගාව තියෙනවලු බිල් ගේඩ්ස් පරද්දන්න පුලුවන් අයිඩියා 1ක්....අපේ මේ බිස්නස් එකෙන් පස්සෙ පොඩි කුඩු බිස්නස් එකකුත් මිනිහට තියෙන නිසා මම මුලින්ම මීටර්කලේ ඒක ගැනවත්ද කියල. කොහොම හරි ඉතින් අපේ මැනා කෝටිපතියෙක් උනා කියන්නෙ අපිටත් වාසියක් තියෙන හින්දා මමත් මිනිහට උවමනාවෙන් කන්දුන්නා
මැනා කියනවා මිනිහට තියෙනවලු අයිඩියා 1ක් ඇල්කොහොල් මීටරයක් හදන්න.
වැඩේ අවුල් වගේ උනාට ඇල්කොහොල් කියන වචනෙ තියෙන තැන් අහන්න දකින්න තියෙන අශාව නිසා තවත් මම කතාව පැත්තට බර උනා.
මිනිහගෙ අයිඩියා එක මම ඒ වචන වලින්ම පොස්ට් කරන්නම්කො.........
බිගු මම හිතන් ඉන්නෙ ඇල්කොහොල් මීටරයක් හදන්න.ඒ කියන්නෙ ඒ මීටර් එක පටියක් ආධාරයෙන් අතේ බැදගන්න තියෙන්නෙ.හරියට ඔරලොසුව වගේ.මීටරයෙන් ඇගට ඇල්කොහොල් උත්තේජනය කරනවා.හැබැයි බ්ගුවො ලෙවල් එකට.ඒ කියන්නෙ කම්මැලි හිතුන වෙලාවට ඇල්කොහොල් ලෙවල් එක වැඩි කරගන්නවා.ගෙදර යන වෙලාවට ගැනිගෙන් බෙරෙන්න ඕන නිසා ලෙවල් එක අඩු කරගන්නවා.එතකොට බන් මිනිස්සු බේබද්දො වගේ පාරවල් ගානෙ වැටෙන එකක් නැ.මොකද වෙරි වැඩි වෙද්දි මීටරෙන් ආග්‍රණය කරගන්න පුලුවන් වෙන්න ලෙවල් එකකුත් හදනවනේ.
මීටරේ හදල ඉවර වෙලා මම සාධාරන ගානකට මාකට් එකට දානවා.අහ් පේටන් එකත් ගන්නවා.අනිවා ඕක ඉතින් අද කාලෙ හැටියට ලොකු පොඩි හැම එකාටම මේ ලොකෙ ඕනැ වෙන එකක් වෙනවනෙ බන්.බිල් අයියව පරද්දන එක ගේමක් නැනෙ............කතාව නම් ඔච්චරයි..............
ඉතින් කල්පනා කරල බැලුවම කතාවත් ඇත්ත.මීටරේ වැඩේ හරි ගියොත් ජගත් තැබැරුම්කරුවන්ගෙ සංවිධානය මුලින්ම ගේම අදිනවා.ඇයි දෙයියනේ මැෂින් එක තියන් මොන මගුලකටද බාර් ගානෙ රිංගන්නේ.ඒ විතරක් නෙවි චයිනිස් හට්,බයිට් හදන සුලු ව්‍යාපාර,සොඩා කොම්පැනි,කොලා කොම්පැනි උනත් විරුද්ද වෙන එක සාධාරනයි.
අපි එක හිතින් ප්‍රර්ථනා කරනාව මැනාගෙ මේ වැඩේ සර්ථක වෙන්න කියලා..මම ඉතින් බේබද්දෙක් නොව්නත් නව නිර්මානයක් විදියට මුලින්ම අත් හාදා බලන්න තිරණය කරල ඉවරයි.
අහ්...කතාව ඉවර කරන්න කලින් කියන්න ඕන අපේ මැනාට තියෙනව කිවා නේද කුඩු බිස්නස් එකක්.ඒක මේ තුනපහ කුඩු බිස්නස් එකක්...
ඉතින් කියවන ඔයාලටත් මේ ඇල්කොහොල් මීටරේ ගැන අයිඩියා 1ක් තියෙනවානම් කොමෙන්ට් 1ක් දාන්න අමතක කරන්න එපා.

Thursday, February 21, 2013

පව් කරන්න ඇති....


Share/Save/Bookmark

පුංචි කමටම නොවේ
නුබට ඕන වුනේ මගේ හිත රිද්දන්න
රිද්ද රිද්ද හිනා වෙන්න,
සතු‍ටු වෙන්න පුලුවන්ද
මා දැවෙන  හිත දිහා බලාන
මා ගැන හැගිමක්,ආදරයක් නැති
නුබ වගේ හිතකට
මම ආත්ම ගනනක් පව් කරන්න ඇති
මේ විදියට විදවන්න..
මට ඕන කරන්නෙත් එච්චරයි
කරපු සෙරම පව් ගෙවලා
විදවලා විදවලා මැරිලා යන්න...